(අංජුල මහික වීරරත්න)
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් සැපයීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ප්‍රතිඥා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කුකුළු මස් කර්මාන්තයේ යෙදී සිටින ප්‍රධාන සැපයුම්කරුවන්, නිෂ්පාදකයින් මෙන්ම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම ප්‍රතිඥාව ලබා දී ඇත.
දැනට සියලු කුකුළු ගොවිපොළවල උපරිම මට්ටමෙන් කුකුළන් සිටින බවත් උත්සව සමයේ පමණක් නොව ඉන් අනතුරුව වුවත් කිසිදු අයුරකින් කුකුළු මස් හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව කුකුළු කර්මාන්තකරුවන් සඳහන් කර ඇත.
දැනට කුකුළු මස් කිලෝ ග්‍රෑම් එකක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල සලකා බලා මස් කිලෝව රුපියල් 1150කට සැපයීමට අපේක්ෂා කරන බවත්, මෙම මිල ගණන් තවදුරටත් අඩු වෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ පැවසූහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අවුරුදු සමයට හිඟයකින් තොරව කුකුළු මස්
පිටරටවැසියා Wednesday, 13 March 2024 06:15 PM
එක් සත්‍ය කතාවක්. හැබැයි, භාවිතයේ නොමැත..