(චාපා මධුභාෂිණී)
මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේ පැවැති අවුරුදු සාජ්ජයකට කඩා පැන සිදු කළ (14) වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වයස අවුරුදු 17 පාසල් සිසුවිය දින 14කට පමණ පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගිරිතලේ ලිපිනයේ පදිංචි ජි.ජි කෝෂලා චමෝද්‍යා බණ්ඩාර නමැති තරුණියයි.
මෙම තරුණිය පසුගිය 14 වන දින සිය නිවසට යාබද නිවසක පැවති අවුරුදු සාජ්ජයකට සහභාගී වී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් විය.
එම අවස්ථාවේදීම නිවැසියන් ඇය හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත.
පොලොන්නරුව මහ රෝහලෙන්ද පසුව ඇය අනුරාධපුර රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති අතර ඒහිදී ශෛල්‍යකර්මයකට භජනය කර නැවතත් පොලොන්නරුව මහ රෝහලටම මාරු කර ඇත.
පොලොන්නරුව මහරෝහලේ දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.
ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.
ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර මෙරටට අද (06) පස්වරුවේ පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප
පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අවුරුදු දා වෙඩි කෑ ගිරිතලේ දැරිය මරුට
ජගත් ලියනගේ Sunday, 28 April 2024 02:40 PM
දන්නේ නැති නිසා අහන්නේ.. ඇයි ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලෙට මාරු කරන්නේ? අනුරාධපුර ඉස්පිරිතාලෙම තියා ගන්න තිබ්බා නේද?
ජයන්තSunday, 28 April 2024 04:21 PM
දැන් හොස්පිටල්වල පහසුකම් නෑ. රට කාලා තියෙන්නේ. ශල්‍යකර්ම කරන්න පුළුවන් ඒවාට මාරු කරනවා...!