IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අවුරුදු තුනේ දැරිය ජාත්‍යන්තර වාර්තාවක් තියයි

(රංජිත් රාජපක්ෂ )

ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවුරුදු තුනක දැරියක් සමත් වි ඇත.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book Of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම සදහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස (06) දින ඉදිරිපත් වි තිබේ.

සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමති එම දැරිය පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නාමයන් විනාඩියයි තත්පර 06 කින් නම් කර එම වාර්තාව තැබු බව එම දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් මහතා පැවසිය.

තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වන විට එවා ඇති බව දැරියගේ පියා කියා සිටියේය.

කොටගල ඩ්‍රෙටන් වතුයායේ පදිංචි තමන් වෘත්තියෙන් කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන බවත්, තම බිරිද ගුරු වෘත්තියේ නියැලි සිටින බවත්, වාර්තාව පිහිටවනු ලැබුවේ තම වැඩිමහල් දියණිය බවත් සෙන්තුල් කුමාර් මහතා කියා සිටියේය.

මෙම දැරිය ජාත්‍යන්තර වාර්තාවක් තැබිම සම්බන්ධයෙන් කොටගල වෙළද සංගමයේ සභාපති විශ්වනාත් පුෂ්පා මහතා ඇතුළු වෙළද සංගමයේ සමාජිකයන් ඇයගේ නිවස වෙත ගොස් එම දැරියට උපහාර දැක්විමක්ද සිදු කෙරිණ.

 



අදහස් (2)

අවුරුදු තුනේ දැරිය ජාත්‍යන්තර වාර්තාවක් තියයි

ලක්වැසියෙක් Monday, 24 July 2023 02:47 PM

දියණියනි ඔබ‍ට සුබ අනාගතයක්. ලංකාවේ දරුවෝ ගොඩක් දක්ෂයෝ ඉන්නවා හැම පැත්තෙන්ම. "ලෝකෙන් උතුම් රට ලංකාවයි " කීවනේ ගොඩාක් ඉස්සර.

:       0       17

SUNIL MILANO Monday, 24 July 2023 06:55 PM

මෙම සිඟිති දියණිය සුවිශේෂී දක්ෂතා ඇති දරුවෙක්... ලොව ජයගැනීමට නම් මෙවැනි දරුවන් රජය මගින් ආරක්ෂා කළ යුතුයි. ඔබට බුදු සරණයි දුවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site