(අංජුල මහික වීරරත්න)
අලුත් අවුරුදු අවුරුදු උත්සව වල සංස්කෘතියට පටහැනි අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේනම් ඒ පිළිබඳව නීති ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අවුරුදු උත්සව වල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අද (5) කියා සිටියේය.
ඒ අනුව අවුරුදු උත්සව වලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ. ඩී.ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය එහිදී සඳහන් කළාය.
අවුරුදු උත්සවවලදී අසභ්‍ය ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අවුරුදු උත්සව සංස්කෘතියට පිටින් ගියොත් දැඩි දඩුවම්
Sadun Friday, 05 April 2024 04:22 PM
ලවුඩ්ස්පීකර්, බෆල් කන්දොස්කිරියාවට තිත තියන්න සෑම ආගමික, සාමාජීය කටයුත්තකදීම ශබ්ද විකාශන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කළ යුතුයි. දැනටමත් වෙළඳ සංගම් ලංකාවේ සියළුම නගරවල ශබ්ද දූෂණය පටන් අරන් තියෙන්නේ...
Mr Don Friday, 05 April 2024 06:04 PM
අපිට ඕනේ අමුක ඩුමුක ඩාන්ස්...!
Bunny Preena Saturday, 06 April 2024 09:13 AM
විශේෂයෙන් විකට ඇඳුම් තරගවලදී, උත්පත්තියෙන් අංග විකල අයට අපහාස, උපහාස වන විදිහේ නිරූපන සහ ඉදිරිපත් කිරීම් නැවැත්විය යුතුයි. එවැනි දේවල් වලට අවසර දෙන්න මෝඩ සංවිධානයකින් පිරිසක් එව්වා දිහා බලලා හිනා වෙන්න ලෑස්තිවෙලා ඉන්න අමනුෂ්‍ය ගති තියෙන ගැහැණු සහ පිරිමින් පිරිසකුත් ඉන්න එක ගැන කණගාටුවක් දැනෙනවා..
බද්රානි Saturday, 06 April 2024 01:43 PM
අපෝ!! පටහැනි වෙන්න තරම් තියන ඔය කියන මහලොකු සංස්කෘතිය..? කොට්ට පොරෙයි, කඹ ඇදිල්ලයි නම් සංස්කෘතියටම ගැලපෙනවා තමයි...කටින් බතල හිටුවන ඔය සංස්කෘතිය ඇතුලේ අඩුතරමේ "විනය" කියලා එකක් වත් තියනවද..? හින්දු භක්තිකයින්ගේ අලුත් අවුරුද්ද, මෙහෙ අය බලෙන් අයිති කරගෙන... ඒ මදිවාට ලජ්ජා නැතිව නීතිත් දානවා...