IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට

( මහින්ද   නිශ්ශංක )

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.

ඒ අනුව දැනට පවතින ලුණු හිගය අවසන් ජනතාවට අවශ්‍ය ලුණු වෙළඳපොළෙන් මිලදී ගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතික ලුණු සමාගම මඟින් ඇණවුම් කළ ලුණු තොගයෙන් කොටසක් තම සමාගම මිලදී ගෙන ජනතාවට අවශ්‍ය ලුණු වෙළඳපොළෙට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි සදහන් කළ සභාපති නන්දන තිලක මහතා ලංකා ලුණු සමාගමද මෙට්‍රික් ටොන් 10,000 ක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයිද පැවසීය.

පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් හම්බන්තොට ඇතුළු අනෙකුත් ලුණු ලේවායන්වල ලුණු අස්වැන්න නොලැබුණු බවත් පැවසු ඒ මහතා ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු තොගය ලැබුණු පසු ලබන සතියේ සිට ලුණු ලක්ෂ දෙක බැගින් වෙළඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

 ඊයේ  (14) ලංකා ලුණු සමාගම මඟින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් ලක්ෂයක් ලංකා සතොසට නිකුත් කල බව පැවසූ සභාපති ඩි.නන්දන තිලක මහතා අදත් (15) ලුණු පැකට් ලක්ෂයක් ලංකා සතොසට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කළේය.

 



අදහස් (4)

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට

රම්බොඩ Thursday, 15 May 2025 11:00 AM

මේකටනම් දූපත් රාජ්‍යක් හැටියට සියල්ලන් ලැජ්ජා විය යුතුයි. ආණ්ඩුවලට බැනලා වැඩක් නෑ. ලුණු සංස්ථාවක් කියලා එකක් තියෙනවානෙ. මුහුද මැද ඉඳන් රටට අවශ්‍ය ලුණු ටික හදාගන්න බෑ.

:       0       12

so sad Thursday, 15 May 2025 11:49 AM

අපි එක ලුණු කැටයක් පිටරටින් ගන්නෙත් නෑ. ඉන්දියාව කියන්නේ අපේ රටේ කොටසක්. ඒක වෙන රටක් කියලා කවුරුහරි කියනවා නම් ඒකම බොරුවක්. අපි ලුණු නිෂ්පාදනාගාරයක් අලිමංකඩ විවෘත කළා. ඒක දැකපු වෙලාවෙදී දීපාල් සිල්වාගේ සින්දුව මතක් වුණා.

:       2       11

මැක්ස් Thursday, 15 May 2025 12:16 PM

ගෙදර කුස්සියේ තිබුණු ලුණු පොල් කට්ටටත් ඇරියා මාලිමාව!

:       7       12

කුකුල් චමින්ද Thursday, 15 May 2025 12:43 PM

හිටපු එවුං මුළු රටටම ඇරපු එකේ, ලුණු පොල්කට්ට මොකක්ද, මැස්සෝ?

:       9       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 13 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1529 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1667 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site