(සුජිත් හේවාජුලිගේ )
වර්ෂයකදී වාර්තාවන ළමා පිළිකා රෝගීන් සංඛ්‍යාව 900ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ නැග ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය
වසරකදී පිළිකා රෝගී දරුවන් මීට පෙර වාර්තා වූයේ 450ක පමණ සංඛ්‍යාවක් බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම ජංගම දුරකතන වලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම පිළිකා ඇතුළු බෝ නොවන රෝග ඇතිවීම වැඩිවීමට එක් හේතුවක් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ලියුකේමියාව සහ මොළේ පිළිකා දරුවන් අතර අද බෙහෙවින් වැඩිවී ඇති බවද ප්‍රකාශ කළේය.
ලෙඩ රෝග වලින් මුදා ගැනීමට නම් පැණි බීම කෙටි කෑම වැනි දේවලින් දරුවන් ඈත් කර තැබීම වැදගත් බවත් විශේෂයෙන්ම දරුවන්ට අවුරුදු දෙකක් යනතුරු මව්කිරි ලබාදීම පිළිකා වලින් මිදීමට ඇති හොඳ මාර්ගයක් බවත් ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුද්දකදී පිළිකා දරුවෝ 900ක්
Nihal Sunday, 04 February 2024 03:06 PM
කඩවලින් අජිනමොටෝ දාපු කෑම, කෙටි ආහාර, කොත්තු, බත්, වෑංජන ඔක්කෝටම දානවා.. ඒවා අරං දීලා දරුවෝ මරනවා...!
චින්තක Sunday, 04 February 2024 03:07 PM
ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක් කියන්න පුළුවන්... මම දවසක් කොළඹ සිට බසයක හිටගෙන එනවිට සෑම අසුනකම සිටි සියලු දෙනාම ජංගම දුරකථන මගින් විවිධ කටයුතු කළ කෙනෙක්... ඒක දෙසවනටත් සම්බන්ධ කරගෙන හිටියා. ඉතින් ඒ හේතුව නිසා හිටගෙන හිටපු මමත් ඉතාමත් අපහසුතාවට පත්වුනේ ඇස්වලට විවිධ පැතිවලින් ලැබෙන ආලෝකය නිසා තමයි.. ඒ වෙලේ මම දුරකථනය පාවිච්චියට නොගෙන එහෙම අපහසුතාවට පත්වුණා නම් යම්දිනක බොහෝමයක් දෙනා ඇස්, කන් ආශ්‍රිතව අසනීපවලටත් ලක්වෙලා ආබාධිත පිරිසක් රටේ ඇතිවේද කියලා මට දුකකුත් ඇතිවුණා..!
Joe Shepherd Sunday, 04 February 2024 07:04 PM
රෝග ඇති වෙන්නේ කර්මය නිසා...!
චිරන්ත Monday, 05 February 2024 06:08 AM
අපේ දහම අනුව කිසිවක් කර්මය අනුව වෙන්නෙ නැහැ .තම තමන් කරන ක්‍රියාවන් හේතුවෙන් සියලු දේ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ. මේ වාර්තාව අවසන් ඡේද දෙකෙන් දොස්තර මහතා කියලා තියෙනවා රෝග ඇතිවෙන්නෙ කොහොමද කියලා. ඒක කර්මය කියන්න බැහැ