IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී පානදුර දෙස සිට අන්තරාදායක ලෙස පැමිණි ලොරි රථය නවතා සිදු කළ පරික්ෂාවේදී ඉතා අනතුරුදායක ලෙස මිනි පෙටිටි 50 ක් එක පිට එක පටවා තිබෙන අයුරු දැක ගත හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

බණ්ඩාරගම නගරයේ ආවරණය වන පරිදි යොදා තිබෙන සංඥා පුවරු වලද ගෑවෙන නොගෑවෙන තරමට මෙම මිනිපෙට්ටි පටවා තිබූ බව පොලිසිය කියයි.

එම රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුර අළුබුමුල්ලේ සිට මූලතීව් දක්වා මෙම මිනිපෙට්ටි තොගය ප්‍රවාහනය කරන බව පවසා ඇත.

අන්තරාදායක ලෙස මිනිපෙට්ටි තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

 



අදහස් (8)

අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී

sisira Sunday, 05 May 2024 08:59 PM

මිනීපෙට්ටි කොපමණ ප්‍රමාණයක් ලොරියක ප්‍රවාහනය කළහැකිද යන්න නීතියක් තිබිය යුතුයි... එසේ නොමැති නිසා මේ ආකාරයෙන් ප්‍රවාහනය කිසිම සිදුවේ...!

:       0       1

පෙට්ටි කඩේ මුදලාලි Sunday, 05 May 2024 10:22 PM

අයියෝ රාළහාමි, ඔය පෙට්ටි ලොරිය වහාම නිදහස් කරන්න. ඔය ඔක්කොම දියවන්නාවට අරං යන්නේ. තව ලොරි කිහිපයක්ම මග එනවා, ඒවත් නතර නොකර ඩබල් එකේ යන්න දෙන්න... පෙට්ටි ඕඩර් එක ඔක්කෝම 226 යි රාළහාමි. ඊට පස්සේ තමයි දියවන්නාවට එන්න බැරිව ගියපාර ගෙදර ඇරපු කට්ටියගේ පෙට්ටි ඕඩර් එක ලෑස්ති කරන්නේ.., එකටත් මේ වගේම සපෝට් එක දෙන්න රාළහාමි !!!

:       0       2

වීරකෝන් Monday, 06 May 2024 01:35 PM

මුදළාලි මාලිමා විධායක සභික කෙනෙක් කියලා තියෙනවා උන්ගෙ අදහස් නොපිළිගන්නා අය මැරුවා කියලා කාල්ලාන්ත කියලා තියෙනවා නීති සැකසීම ක්‍රියාත්මක කිරීම දඩුවම් පැමිනවීම ගමේ සිටින හෙංචයියන්ට දෙනවා කියලා ඉතින් මුදළාලි අතීතයේ ජෙප්පො කරපු දේවල් අපි දෑහින්ම දැක්කා ඉතින් මහදැනමුත්ත වගේ මුදළාලි හා කැකිල්ලේ රජ්ජුරුවෝ වගේම ගෝලයො රොත්ත හදන්නෙ මාලිමාව රජ කරන්න නිසා සූදානම් ශරීරේ කියලා එයාලත් ඔය පෙට්ටි එකතුකරනවා ඇති

:       1       0

Nandalal DE SILVA - France Sunday, 05 May 2024 11:24 PM

ඔය මිනී පෙට්ටි ඇතුලේ හොරෙන් මළ සිරුරු කීයක් රැගෙන ගියාද කියා පොලිස් නිලධාරීන් පෙට්ටි එකින් එක ඇරලා බැලුවද? ඒවා ඇතුලෙන් මත්පැන්, මත් කුඩු, නීති විරෝධීව මෙරටට ගෙන්වා ප්‍රවාහනය කල භාණ්ඩ කොතරම් පොලිස් භාරයට ගත්තාද කියා රට වැසියන්ට... තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයිතියක් තිබෙනවා නොවේද?

:       0       2

kumara Monday, 06 May 2024 06:33 AM

මේ තරම් දුර මිනි පෙට්ටි ගෙනියන්න කිසිම අවශ්‍යතාවයක් තිබෙන්න විදියක් නෑ. අනිවාර්යයෙන්ම මේකෙ යම් කිසි සැකකටයුතු යමක් තිබෙනවා. ඇතුලේ මත්ද්‍රව්‍ය තිබෙන හැඩයි. පොලිසිය නැවතීමම ලොකු දෙයක්.

:       0       3

Kazi Shajahan Monday, 06 May 2024 08:48 AM

ඕකෙ වියදමත් මිනියට ඇඩ්කරනවා. ඒකත් අපිට තමයි කරදරේ...!

:       0       1

සෙනෙවිරත්න Tuesday, 07 May 2024 04:19 AM

වීරකෝන් යනු වඳව යන සත්ව කොට්ඨාසයක අන්තිම ⁣පුරුකකි. හැමදේටම ජවිපෙ ඈදාගෙන කතා හදන මොහු ජවිපෙ වැසිකිළි සෝදන්නා විය යුතුයි

:       0       1

සෙනෙවිරත්න Wednesday, 08 May 2024 08:40 AM

මිනීපෙට්ටි නැතිව කාටවත් එලොව යන්න බැහැ, ඕව අඩු වියදමට හදල අඩු වියදමින් ප්‍රවාහනය කලොත් තමයි කාටත් අඩු මුදලට ගන්න පුලුවන් ,මෙතන වෙන්නෙ ඒකයි. ඕක මහ වීර කමක් නෙවෙයි හරියට බැඳගෙන යන්න කීව නම් ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site