
(නිමල කොඩිතුවක්කු)
ඖෂධ ක්ෂේත්‍රයේ වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය කොන්දේසි විරහිතව පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ රජය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.ෙ
ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලුම සේවකයින් ධෛර්මත් කිරිමට වැඩපිළිවලක් සකස් කරන බවත් කොළඹ - 02 පිහිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හදිසි නිරීක්ෂණයකට එක්වෙමින් ඔහු පැවසීය.
ගුණාත්මකභාවය, තත්ත්වය, මිල ඇතුලු ඖෂධ සම්බන්ධ සියලු කටයුතුවල දී ගැටලු මතු වුවහොත් කණ්ඩායමක් ලෙස සියලු දෙනා ඊට වගකිව යුතු බවත් ජයතිස්ස මහතා කීවේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පස් වසර ජාතික අවශ්‍යතාවයට අනුව සැළසුම්, ඉලක්ක සහ මනා ඉදිරි දැක්මකින් යුතුව ප්‍රධාන අංශ කිහිපයක් මුලික කර මෙහෙයවීමට සහ විධිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවංක නිලධාරීන්ගේ ආරක්ෂාව සුව ඇමති තහවුරු කරයි