IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලි එලවන්න ගිය සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙන්නාට ප්‍රහාරයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හලාවත බංගදෙනිය දුම්රිය ස්ථානයට ආසන්න කැලැවක රැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා වනජීවි නිළධාරීන් සමඟ  කටයුතු කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකා නිළධාරීන් දෙදෙනෙකුට එල්ල වු වල් අලි ප්‍රහාරයකින් ඔවුන් හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පැවසිය.

මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කරුවලගස්වැව සිවිල් ආරක්ෂක අනුකණ්ඩයට අයත් වනජීවි දෙපාර්තුමේන්තුව යටතේ වල් අලි පලවා හැරිම සදහා පුත්තලම අලි පාලන ඒකකයෙ කටයුතු කරනු ලබන දෛනෙකි.

බංගදෙනිය දුම්රිය ස්ථානයට ආසන්නයෙ පිහිටි මැල්වත්ත ප්‍රදේශයෙ කැලෑබද ස්ථානයට අලි දෙදෙනෙකු කඩා වැදි ඇති බවට පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂක වරයාට බංගදෙනිය ගම්වාසින් කල දැනුම් දීම මත එම වල් අලි දෙදෙනා පලවා හැරිම සදහා වනජීවි නිළධාරීන් හා සිවිල් ආරක්ෂක නිළධාරීන් කණ්ඩායමක් පැමිණ තිබේ.

එසේ පැමිණි වනජීවි හා සිවිල් ආරක්ෂක නිළධාරීන් මෙම වල් අලි දෙදෙනා වෙනත් ස්ථානයකට කඩා වැදිම වලක්වාලමින් රැකවල්ලා සිට ඇති තිබේ.

කෙසේ වෙතත් බංගදෙනිය දුම්රිය ස්ථානයට ආසන්නව ඒ වන විට ලංවි සිටි වල් අලි දෙදෙනා එම දුම්රිය ස්ථානය හරහා පුත්තලමට ගමන් කරමින් තිබු දුම්රියට බිය වි කුලප්පු වි ඇති බව කියති.

එයින් පසු මෙම අලි දෙදෙනා ගම්මානයට කඩා වැදිමට සුදානම් වන අවස්ථාවේ අලි පාලන ඒකකයෙ නිළධාරීන් සමග සිවිල් ආරක්ෂක නිළධාරීන් මහත් වෙහෙසක් දරමින් මෙම අලි දෙදෙනා ගම්මානයට කඩා වැදිම වලක්වා ලමින් සිට ඇති අතර ඒ සමගම කඩා වැදුන අලි දෙදෙනා සිවිල් ආරක්ෂකයින් හා වනජීවි නිළධාරීන් වෙත නොසිතු ලෙස කඩා වැදි තිබේ.



අදහස් (0)

අලි එලවන්න ගිය සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙන්නාට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site