IMG-LOGO

අලි ඇතුන් 13ක ගේ රංචුවක් පොතාන වගාබිම් වනසති

(කාංචන  කුමාර ආරියදාස )

ඇතුන් තිදෙනෙකු ඇතුළු වන අලින් 13 කගේ රංචුවක්  සීගිරිය පොතාන ප්‍රදේශයේ වගා බිම් විනාශ කරමින් නිවෙස් ආසන්නයටද පැමිණ ජන ජීවිතයට තර්ජනයක්ව ඇතැයි  ගැමියෝ කියති.

මිනිසුන්ගේ මෙන්ම මෙම අලි රංචුවේද  ජිවිත අවදානමට ලක්ව ඇතැයි ද ඔවුහු පවසති.

මාසයකට අධික කාලයක සිට  මෙම  රංචුව සීගිරිය ප්‍රධාන මාර්ගයේ කිබිස්ස පොතාන ප්‍රදේශයෙන්   මාර්ගය හරහා පැන ආරක්ෂිත විදුලි  රැහැන් සහ විදුලි වැට  සූක්ෂමව දළ වලින් කඩා  අනෙක් අලින්ට වගා බිම් වලට ඇතුළු වීමට මග සලසන බවද ජනතාව කියති.

විදුලි වැට  ඉවත් කිරීමෙන් අනතුරුව ගම් වදින මෙම වන අලි රංචුව  පසුදා පහන් වන තුරුම ගම්මානයේ රැඳී සිටින බවත් මේ වන විට සිගිරිය    පොතාන ප්‍රදේශයේ බඩ ඉරිඟු ,බතල, පොල් ආදී එළවළු වගාවන් සියල්ල විනාශ කොට ඇත .

 වසර 50 කට අධික පොල්ගස් පවා බිමට පෙරලා දමා අතුවලට අමතර  ගස් වල ඇති පොල් ගෙඩි පලා එහි මදය ආහාරයට ගැනීමට පුරුදුව සිටින බවද ජනතාව පවසති

මේ පිළිබඳව වනජීවී නිලධාරින් දැනුවත් කළ ද මෙතෙක් ඔවුන්ගේ සාධාරණ මැදිහත් වීමක් නොමැති බවද ජනතාව පෙන්වා දෙති.

ගම් වැසියන්ට කිසිදු ආකාරයකින් වන අලින් ඇතුන් ඝාතනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් බව භෝග ආරක්ෂා කර ගැනීම සඳහා ඇද ඇති විදුලි රැහැනකට හෝ විදුලි රැහැන් දළ යුගලයෙන් කැඩීමට උත්සාහ කරද්දී විදුලිය වැදුණහොත් ඇතුන්ගේ ජීවිත විනාශ වන බව  පෙන්වා දෙති.



අදහස් (2)

අලි ඇතුන් 13ක ගේ රංචුවක් පොතාන වගාබිම් වනසති

රුවන් Tuesday, 10 December 2024 02:25 PM

අලින්ට කෑලෑවල කන්න දෙයක් නෑ, ඇති කෑලෑත් නෑ. ඔක්කෝම බදුර්දීන් වගේ හොරු විනාශ කරලා. අන්තිමට දුක් විඳින්නේ අහිංසක මිනිස්සු, අලි ඇතුළු සත්තු. මහඅය ඩොලර් මිලියන ගාණක් හොරකම් කරලා ස්විස් බැංකු පුරෝලා ඇති. කෝ බදුර්දීන් හිටවපු ගස්?

:       0       0

Goviya Tuesday, 10 December 2024 03:32 PM

ඇයි බලන් ඉන්නේ. ඕකුන්ට වෙඩි තියපල්ලා. ලාල්කාන්ත මහත්තයා කිව්වා වගා පාළු කරන සතුන්ට ඕන දෙයක් කරන්න කියලා.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
2025 මැයි මස 14 75 0

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ
2025 මැයි මස 14 126 0

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ


කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 172 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 923 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 623 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 663 3

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1381 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1593 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site