IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අලුත් තැපැල් කන්තෝරු හදන්න කෝටි 60ක් වෙන් කරයි

(අංජුල මහික වීරරත්න)

නව තැපැල් කාර්යාල ඉදිකිරීම සදහා මෙවර අයවැයේ රුපියල් කෝටි 60ක මුදලක් වෙන්කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව නව තැපැල් කාර්යාල විස්සක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය.

මීට දින කිහිපයකට පෙර ගලේවෙල තැපැල් කාර්යාලයේ ඉදිකිරීම් ආරම්භ කළ බව කී අමාත්‍යවරයා  ඉදිරියේ දී යාපනය, මඩකලපුව, හම්බන්තොට, ගාල්ල, මහනුවර ඇතුළු ප්‍රදේශ ගනණාවක තැපැල් කාර්යාල ඉදිකිරීම් සඳහාත් දඹුල්ල තැපැල් මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමටත් අවශ්‍ය මුදල් වෙන්කර ඇතැයි පැවසීය.

මාතලේ මහවෙල නව තැපැල් කාර්යාලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාලය සදහා මුල්ගල තැබීමේ අවස්ථාවන්ට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරීමට යෝජිත මහවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 14.41 ක් වන අතර  දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාලය ඉදිකිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 14.71 කි. 

තැපැල් කාර්යාල නවීකරණය කිරීමට තවත් රුපියල් කෝටි 60 මුදලක් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය.

මෙරට ඓතිහාසික තැපැල් කාර්යාල වන මහනුවර, නුවරඑළිය වැනි තැපැල් කාර්යාල ඇතුළුව තැපැල් කාර්යාල 209ක් නවීකරණය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවැසීය.



අදහස් (1)

අලුත් තැපැල් කන්තෝරු හදන්න කෝටි 60ක් වෙන් කරයි

Kamal Koyrala Tuesday, 09 September 2025 11:34 AM

මහජන මුදල් නාස්තියක්, සියළුම නගරවල රාජයේ ගොඩනැගිලි භාවිතයට නොගෙන හෝ ඇතැම් විශාල රජයේ ගොඩනැගිලි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සැලසුම් කර හදා ඇති ඒවායින් ඉඩකඩ ලබා ගත හැකිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17603 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site