
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් බවට බොරු චෝදනා කර එයට නීති මගින් කටයුතු නොකර සිටීමට යැයි පවසා රුපියල් ලක්ෂ 2 ක මුදලක් ඉල්ලා එයින් රුපියල් 20000 ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාවකියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. සිද්ධියට සම්බන්ධ තවත් කොස්තාපල්වරයෙකු පලා ගොස්ඇත.
ඉකුත් 7 වෙනිදින රාත්‍රී සැකකරුවන් තිදෙනා රාගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවසට ගොස් මත්කුඩු ග්‍රෑම් පනහක් සන්තකයේ තබා ගත් බවට බොරු චෝදනා කර එයට නීති මගින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා එයින් රුපියල් 20000ක මුදලක් ලබා ගත් බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල්ලස් ගන්න ගිය පොලිසියේ දෙන්නෙක් මාට්ටු