IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අල්ලස් ගත්ත සැරයන්වරු මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි සහ වසන්ත චන්ද්‍රපාල)

වැලි ප්‍රවාහනය කරන ආයතනයකින්  රුපියල් 25,000 අල්ලසක් ලගත් බව කියන අම්පාර කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු අද (21) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසලදී එම අල්ලස් මුදල් ලබා ගැනීමට යාමේදී මෙම සැරයන්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කළ පැමිණිල්ලකටට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. වැලි ප්‍රවාහන කටයුතු කරදරයකින් තොරව කරගෙන යෑම සඳහා එම අල්ලස් මුදල ඉල්ලා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ රාජකාරිය වාහාම තහනම් කර ඇත.

 



අදහස් (1)

අල්ලස් ගත්ත සැරයන්වරු මාට්ටු

Niranga Saturday, 21 June 2025 09:23 PM

මීගමුව ඉස්පිරිතාලේ ඉන්න පොලිසියේ අය මිනියක් නිදහස් කරන්න සල්ලි ගන්නවා. කටාන පොලිසියේ ඉන්නේ හදිසි මරණ පරීක්ෂණයක් කරන්න එන අයත් සල්ලි ඉල්ලනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 527 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2255 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site