(උපුල් හේරත්)
අනුරාධපුර දැයට කිරුළ භූමියට වන අලින් රංචුපිටින් ගෙනත් දැමීමෙන් පසු ගොවින්ගේ බවබෝග මෙන්ම නිවාස වලට දැඩි ලෙස හානි කිරීම සම්බන්ධව බලධාරීන්ට හා දේශපාලනඥයන්ට එරෙහිව අද (30) දහසකට අධික පිරිසක් එක්වී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
අද උදෑසන 07.00 පමණ ආරම්භ කළ මෙම උද්ඝෝෂණයට ගොවි ගෙවිලියන් මෙන්ම කුඩා දරුවන්ද විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.
ඇතැම් ගෙවිලියන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් , මහ විලච්චියට යන ප්‍රධාන මාර්ගය හා තන්තිරිමලේ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කැලෑ අතු කොළ හා වන අලින් විසින් කඩා බිඳ දමා තිබූ පොල් ගස් ගෙනවිත් අවහිර කරනු ලැබීය.
මෙම උද්ඝෝෂණයට දහසකට අධික පිරිසක් රැස්ව සිටි අතර, පොලිස් බුද්ධි අංශ,නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්,රාජ්‍ය නිලධාරීන් එහි රැඳී සිටියහ.
පැය දෙකකට අධිකයක් මුළුල්ලේ මාර්ග ධාවනයට අවහිර ඇතිවිය.එය සංසුන් කිරීමට පොලිසිය දැරූ උත්සාහයන් බොහෝ සෙයින් අසාර්ථක විය.
තන්තිරිමලේ වැඩ බලන සහකාර පොලිස් අධිකාරී ඩී.ප්‍රසන්න කුමාර මහතා හා ඔයා මඩුව පොලිස් ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක එචි.එමි.යු.සී.රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම උද්ඝෝෂණය සිදු කරන ස්ථානයේ රැඳීසිටියහ.
මෙම උද්ඝෝෂණය සඳහා ඔයාමඩුව,මහානිකවැව,නවෝදාගම,ආදී ගම්මාන විස්සකට නොඅඩු ජනතාවක් එක්ක සිටි අතර මේ වනතුරුත් එම උද්ඝෝෂණය ක්‍රියාත්මක වෙමින් පවතී.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අලින්ට එරෙහිව විරෝධතාවක්
Janindu Perera Monday, 30 December 2024 11:20 AM
සාමාන්‍ය ජනතාවට යන්න තියන පාරවල් හරස් කරලා මෙයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ?
himal Monday, 30 December 2024 04:02 PM
අලින්ටත් තියෙන්නේ මෙතැනට ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න. තමන්ගේ කැලෑ කපනවාට, කැලෑ ඉඩම් අල්ලා ගන්නවාට...