IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අලුත් පාස්පෝට් එකේ අකුරු වැරදියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අලුත් පාස්පෝට් එකේ ඇතැම් තැන් වල අකුරු පවා වැරැදි යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ගිය ආණ්ඩු සමයේ ඇතිවෙච්ච පාස්පෝට් ප්‍රශ්නය තවම එහෙමමයි. මිනිස්සු පාස්පෝට් ගන්න බැරුව දුක් විඳිනවා.ආපු ගමන් ඒ ප්‍රශ්නය විසඳන බව කිව්වා. නමුත් ආණ්ඩුව ඇවිත් දැන් මාස පහක් ගතවෙලා.කිසිම විසඳුමක් නැහැ.

අපි පාස්පෝට් එකක් ගන්න විසිදාහක් ගෙවනවා.කලින් පාස්පෝට් එකේ පිටු 64ක් තියෙනවා.අලුත් පාස්පෝට් එකේ තියෙන්නේ පිටු 48යි.ඒත් ගාන එකමයි.අලුත් පාස්පෝට් එකේ පිටු 16ක් අඩුයි.එයින් එක් පුද්ගලයකුට වෙන පාඩුව 6697යි.

ගිය ආණ්ඩුවෙන් කරපු මේ දේවල් නතර කරගන්න තමුන්නාන්සේලාට තවම බැරිවී තිබෙනවා.එමෙන්ම  අලුත් පාස්පෝට් පොතේ ආරක්ෂණය සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා.අලුත් පාස්පෝට් එකේ ආරක්ෂිත අංකය තිබෙන්නේ නියමිත තැන නෙමෙයි.කවුරු හරි මේ ගැන අධිකරණයට ගියොත් අලුත් පාස්පෝට් අවලංගු කරන්නට සිදු සිදුවෙනවා.එමෙන්ම අලුත් පාස්පෝට් එකේ ජාත්‍යන්තර ප්‍රමිතිය නැහැ.

අලුත් පාස්පෝට් එකේ පිටු අංක 36 බලන්න.එහි යාපහුව වෙනුවට තියෙන්නේ වෙන නමක්.පිටු අංක 31 හි තලෛයි මන්නාරම වෙනුවට ගහලා තියෙන්නේ වෙන නමක්. අකුරු වැරදියි.ඉතින් රටේ ජාත්‍යන්තර අභිමානයට වන්නේ කුමක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.



අදහස් (14)

අලුත් පාස්පෝට් එකේ අකුරු වැරදියි

යෝගා Friday, 28 February 2025 04:58 PM

හන්දියක්, බෝක්කුවක් ගානේ පච වපුරපු එක ඇරෙන්න මොවුන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ. ගොබ්බ අපතයින් රැලක්...!

:       96       130

Pradeep KumaraFriday, 28 February 2025 10:38 PM

මට නම් පක්ෂ පාට අදාළම නෑ, නමුත් මේ අළුත් පාස්පෝර්ට් එක පහුගිය ආණ්ඩුව සමයේ කරපු එකක් නේද?

:       70       39

ගුණරත්න Friday, 28 February 2025 06:53 PM

වගකීමක් ඇති ආණ්ඩුවක් තියෙනවා නම් ඔහොම දේවල් වෙනවද?

:       39       67

Dinesh Friday, 28 February 2025 10:29 PM

මේ පාස්පෝට් පසුගිය රජය කාලේ ගෙනාපු ඒවා 750,000ක් තියෙනවා කියලා කිව්වේ.

:       54       32

kumara Saturday, 01 March 2025 04:40 AM

හාල්, පොල්, තෙල්, වාහන තව තව දේවල් වලින් බැලුවා ආණ්ඩුව වට්ටන්න පාස්පොට් පෝලිම් හදලාත් බැලුවා. ඒත් බැරි වුණා දැන් අකුරක් අල්ලගෙන දඟලනවා ආණ්ඩුව වට්ටන්න.

:       41       12

pj Saturday, 01 March 2025 06:18 AM

මොනව හරි වැරදි දෙයක් වෙලා නම් ඒ පැරණි ගිණුමට...හරි දේවල් විතරයි මෙයාලගේ....ඒ නිසානෙ ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ යමින් පවතින්නේ.

:       5       33

rizly Saturday, 01 March 2025 07:22 AM

මූ නම් අමු පිස්සෙක්.

:       24       11

ලුම්බිණි Saturday, 01 March 2025 07:36 AM

නිකම් සුළු දේවල් අල්ලාගෙන බොරුවට කෑ නොගහ ඉන්නවද ?

:       23       7

Haramanis Saturday, 01 March 2025 08:31 AM

වැරදි තියනවනම් පාර්ලිමේන්තුවේ දී කියන්ඩ වැරදි පිටු ස්කෑන් කරලා ශෙයා කරන්ඩ දන්නේ නැති අයට දැන ගන්ඩ.

:       2       8

fairoos Saturday, 01 March 2025 12:13 PM

වැරැදි නිවැරැදි කරලා දුන්නාට බොහෝම ස්තුතියි. මේවා පරණ ආණ්ඩුවෙන් කරපු වැඩ. ඒ වුණාට අලුත් ආණ්ඩුව හොයලා බලන්න තිබ්බා නේද?

:       11       3

vijesh Saturday, 01 March 2025 01:39 PM

ඔය අලුත් පාස්පොර්ට් එක වෙනස් කරලා අවසර දුන්නේ පරණ ආණ්ඩුව මං හිතන්නේ. මේ අය කළේ ප්‍රින්ට් කිරීම සහ පාට වෙනස් කිරීම විතරයි. පැරදුන අයට මෙහෙම පුවත් නියමයි.

:       11       4

ගමේ එකාලා Saturday, 01 March 2025 05:20 PM

ස.ජ.බ..ඉන්න අය සියල්ල දත් සර්ව සම්පූර්ණ අය කියලා හිතාගෙන ඇති. අන්තෝජටා බහි ජටා කියනවා හැරෙන්න වෙන මොනවා කියන්නද?

:       8       4

Renoth Saturday, 01 March 2025 09:01 PM

යකෝ කොල 50-60 පුරවන්න අපේ ජීවිත කාලෙම අපි රට ගියත් මදි. උබලානම් හැම සතියේම යනවානේ. Passport ගත්තත් රට යන්න වෙන්නේ කීයෙන් කී දෙනාටද?

:       0       0

නන්දන Monday, 03 March 2025 09:30 AM

ඕවට පාර්ලිමේන්තුවෙ කිව්වට වොයිස් කට් දීල වැඩක් නෑ. පාස්පෝට් එකේ නමක් ගමක් වැරදිලා තියෙනවනම් කියල හදාගනින්. තොපිටත් දැන් කතාකරන්න දේවල් නෑ.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 809 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2455 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site