(ඩයනා උදයංගනී)
රටේ තරුණ පරම්පරාව ඉල්ලා සිටින දේශපාලන සදාචාරයේ සහ සංස්කෘතියේ වෙනස ඉටුකර දීමට කැපවන බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඉදිරියේදී නව විපක්ෂක්, පක්ෂයක් හෝ ආණ්ඩුවක් නිර්මාණයවීමට ඉඩ තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ 43 සේනාංකය සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් සමඟ අද පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
රටට නව පිබිදීමක් හා නව දේශපාලන බලවේගයක් අවශ්‍ය බවද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම සූදානම් විය යුතු බව කී මන්ත්‍රීවරයා සම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කර ඉදිරියට යාමට සූදානම් වන තරුණ පරපුරට පාවඩය වී එම වේදිකාව තනන්නට උදව් කළ යුතු බව කීවේය.
පාර්ලිමේන්තුවේ සියලු දෙනා හොරු නොවන බව කී රණවක මහතා ආණ්ඩුවේ ඉදිරියෙන්ම වැදගත් දේශපාලනයක නියැලෙන අත්දැකීම් බහුල පිරිස් සිටින බවත්, ඔවුන්ද රටේ අනාගතය ගොඩනැගීම සඳහා එක් කරගත යුතු බවත් පැවසීය.
ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් මැතිවරණ කොමිසම හමුවීම හොඳ ලකුණක් බව කී මන්ත්‍රීවරයා රාජපක්ෂ තනි පවුලේ ආධිපත්‍යයෙන් මිදී නිදහස්ව සිතන පිරිසක් එම පක්ෂය තුළින් බිහිවීම දේශපාලනයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සුබ අඩිතාලමක් බව සඳහන් කළේය.
ඩලස් අලහප්පෙරුම මහතා අත්දැකීම් බහුල අයකු බව කී මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේත්, දෙමළ සන්ධානය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂවලත් සිටින හොඳ පිරිස එකතු කරගෙන පවුල් වාදයට හා පාදඩ වාදෙට එරෙහි නව බලවේගයක් ගොඩනැගිය යුතු බව කීවේය.
එය ස්වාධීන පක්ෂ දහයටත් ඒක විවෘත බව කී රණවක මහතා ගම්මන්පිල මහතා සමඟද තමන්ට පුද්ගලික ප්‍රශ්න නොමැති බව සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතාත් එම ක්‍රියාදාමයට එක්විය යුතු බව කී පාඨලී චම්පික මහතා අලුත් තත්වයන්ට ගැලපෙන ආකාරයෙන් තමන් ඔහු ඇතුළු සියල්ලන්ගේත් රටේත් ප්‍රතිපත්ති වෙනස් විය යුතු බවද පැවසීය.
වර්තමානයේ ඇතිවී තිබෙන ආණ්ඩුව ගැන සතුටු විය නොහැකි බව කී රණවක මහතා වෘත්තීයවේදී පිරිසකට රටේ ආර්ථිකයේ තීරක මරමස්ථාන හැසිරවීමට ඉඩකඩ ලබාදිය යුතු බවද කීවේය. එසේ නොකර අර්බුදය පිළිබඳ විශ්වාසයක් මහජනයාට ගොඩනැගෙන්නේ නැතැයි ද මන්ත්‍රීවරයා කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අලුත් පරම්පරාවට අලුත් සංධානයක්