
(අංජුල මහික වීරරත්න)
නිදහස් දින උත්සවයට සහභාගී වන්නැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවට පත්ව පැමිණි නව තානාපතිවරුන් 9 දෙනා සහ මහ කොමසාරිස්වරයා හමුවේ පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙම හමුව පැවැත්විණි.
බුර්කිනා ෆාසො, බොස්නියාව සහ හර්සෙගොවිනා , අසර්බයිජාන ජනරජය , ජෝර්ජියාව, බෙලාරූස් ජනරජය, ආමේනියා ජනරජය, ස්පාඤ්ඤ රාජධානිය , කොංගෝ ජනරජය, සහ ගිනියා ජනරජය සඳහා නව තානාපතිවරු ද කෙන්යා ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරයාද මෙම හමුවට සහභාගී වූහ.
එහි දී නව රජයට සුබ පැතුම් එක් කළ එම රාජ්‍ය තාන්ත්‍රිකයෝ රජයේ වැඩ පිළිවෙළ අගය කළහ. එමෙන්ම පුනරුද වැඩ පිළිවෙල යටතේ ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමට පෙරට වඩා ශක්තිමත් සහයෝගයක් ලබා දෙන බවට ද එකඟ වූහ.
නිල හමුව සඳහා පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයෝ ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතා තර කර ගැනීම සඳහා එම රටවල තානාපති කාර්යාල පිහිටුවීමේ අභිප්‍රාය ද ඉදිරිපත් කළහ. ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සහ ආර්ථික සහයෝගිතාව ඉහළ නංවාගැනීමට නව ගිවිසුම් වලට එළඹීමටත් යෝජනා කළහ.
ඒවා අධ්‍යයනය කර සමාලෝචනය කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
626
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් තානාපතිවරුන්ට විජිතගෙන් නිදහස් උළෙලට ආරාධනා
ඩිලුම් වික්‍රම Sunday, 01 December 2024 07:30 PM
ජෙප්පෝට ජාතියක් ආගමක් තියනවාද…? ආහ් ඔව් තියනවානේ… සින්හල බෞද්ධකම ඇර අනිත් ඔක්කෝම… මොවුන් අපිව රැවැට්ටුවා…
Sameera Monday, 02 December 2024 11:32 AM
BMW ටික පෙන්නන්න තානාපතිවරුන්ට ජනාධිපති දොර ඇරගෙන බහිනවා නගිනවා මේ වියදම් නවත්වන්න නේද බලයට ආවේ? වැසිකිලි නැති පාසල් කීයක් තියෙනවාද?