IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අලුත් කතානායකගෙන් ප්‍රකාශයක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා  සැමගේ සහාය ඉල්ලන බව  කතානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

නව කතානායකවරයා මෙසේද කීය.

මා කතානායක ධුරයට පත්කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම සුභපැතුම් එක්කළ සැමට මගේ ස්තුතිය  පළ කර සිටිනවා.

ජනතා අභිලාෂ හා අපේක්‍ෂාවන් මුදුන්පත් කිරීම සඳහා වැදගත් මෙන්ම භාර භාරදූර කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම අන් කවරදාටත් වඩා පාර්ලිමේන්තුවට පැවරී ඇති බව කිව යුතුයි.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන ස්ථාවර නියෝග වල විවිධාන මෙන්ම පූර්වගාමී කතානායකවරුන්ගේ තීන්දු හා සම්ප්‍රදායන් පරිචයන් වලට අනුගත වෙමින් පොදු ජන යහපත සඳහා ව්‍යවස්ථාදායකයේ භාරදූර වගකීම් සමුදාය ඉටු කිරීම සඳහා කථානායකවරයා ලෙස ස්වාධීනව මෙන්ම අපක්ෂපාතී ලෙස අභියෝගාත්මක භූමිකාවක් ඉටුකිරීමට මා වෙත පැවරී තිබෙනවා.

එම කාර්යයන් ඉටු කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බව කිව යුතුයි.අන්‍යෝන්‍යය අවබෝධයෙන් තොරව මහජන අභිලාෂ මුදුන්පත් කිරීම සඳහා ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

මා මේ උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයන්  ලෙස ඔබ සියලු දෙනාගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කැපවෙමි.

මේ පාර්ලිමේන්තුව කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා ඔබ සැමගේ සහාය ඉල්ලමි.



අදහස් (0)

අලුත් කතානායකගෙන් ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site