(යොහාන් භාසුර)
‘සිපෙට්කෝ’ යටතේ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය දී ඇතැයි එම සංස්ථාවේ වෘත්තිය සමිති පවසයි.
ජනාධිපතිවරණයක් මෙම මස නිවේදනය කිරීමට නියමිතව තිබියදී ඉන්ධන පිරවුම්හල් 100 ක් වැනි විශාල සංඛ්‍යාවකට අනුමැතිය දීම පිළිගත නොහැකි බවත් ලංකා ඉතිහාසයේ මෙවැනි විශාල ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවකට එකවර අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙය බවත් වෘත්තිය සමිති සඳහන් කරයි.
ඉන්ධන පිරවුම්හල් හතරකට පහකට එකවර අනුමැතිය ලැබුණු අවස්ථාව තිබුණ ද මෙවැනි විශාල පිරවුම්හල් සංඛ්‍යාවක් එකවර ඉදිරිකිරීම සැක සහිත බව කියන වෘත්තිය සමිති මෙම පිරවුම්හල් පැවරීමේ ගණුදෙනු සැකසහිත මෙන්ම ඒවායෙන් වැඩි සංඛ්‍යාවක් දේශපාලඥයන් සහ ඔවුන්ගේ හිතවතුන්ට පවරා ඇති බව ද කීය.
ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමට පිළියමක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව යටතේ තිබූ ඉහළතම අළෙවියක් තිබූ ඉන්ධන පිරවුම්හල් ඇතුළු පිරවුම්හල් 450 ක් විදේශ පෞද්ගලික සමාගම්වලට දී නව පිරවුම්හල් ඉදිකිරීම පිළිගත නොහැකි බවත් නව පිරවුම්හල්වලට ඉන්ධන සැපයීමට සංස්ථාව ඩොලර් වැයකර ඉන්ධන ආනයනය කළ යුතු බවත් වෘත්තිය සමිති කියයි. බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුළු ආණ්ඩුව මෙයට පිළිතුරු සැපයිය යුතු බව කියන වෘත්තිය සමිති නියෝජිතයෝ එම ඉන්ධන පිරවුම්හල් පැවරූ ආකාරය ජනතාවට හෙළි කළ යුතු බව ද සඳහන් කරති.
විදේශ පෞද්ගලික සමාගම් පිරවුම්හල් ඉදිකිරීමට කිසිඳු වියදමක් නොකර ඉන්ධන ආනයනය පමණක් කර ලාභ ලබමින් සිටින බව කියන වෘත්තිය සමිති නියෝජිතයෝ නව පිරවුම්හල් ඉදිකරන්නේ නම් එම පිරවුම්හල් විදේශ සමාගම්වලට දීමේ අවස්ථාව තිබුණ බව ද කියති.
ලංකා කනජ තෙල් සංස්ථාවේ කළමණාකර අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් දර්ශන රත්නායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ සිපෙට්කෝ සතුව තිබූ පිරවුම්හල් 450 ක් විදේශ සමාගම්වලට පැවරීම නිසා නව ඉන්ධන පිරවුම්හල් 300 ඉදිරිකිරීමට බලශක්ති අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බවත් ඉන් පිරවුම්හල් 300 න් කොටසකට මෙසේ පසුගිය සතියේ අනුමැතිය දුන් බවත්ය.
එම ඉන්ධන පිරවුම්හල් පැවරීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර අයදුම්පත් කැඳවා තේරීම් මණ්ඩලයක් හරහා පැවරුම්ලාභීන් තෝරාගත් බවත් ඛනිජ තෙල් සංස්ථාවේ අනුමැතිය ලැබුණු ලැයිස්තුව ද නැවත අනුමැතියක් සඳහා බලශක්ති අමාත්‍යංශයට යොමු කරන බවත් දර්ශන රත්නායක මහතා වැඩි දුරටත් පැවසීය.
බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අලුත් ඉන්ධන පිරවුම්හල් 100 කට අනුමැතිය දීලා
ජයනාත් Monday, 01 July 2024 07:14 AM
වැඩිපුර ම අලෙවිය තිබුණ ෂෙඩ් සේරම දීල දාල දැන් කැලවල් අස්සෙ පාලුවට ගියපු තැන් වල ෂෙඩ් දානව... නියමයි...
Ruwan De Silva Monday, 01 July 2024 09:16 AM
දැන් මාස ගානකට කලින් සයිනෝපෙක්, අයිඕසී, ෂෙල් සමාගම් වලට පිරවුම්හල් දෙද්දි තිබුනේ තැති සල්ලි දැන් කොහෙන්ද? ඡන්දේ කිට්ටු වෙද්දි බංකොලොත් වෙච්ච රට එකපාරටම සිංගප්පූරුවක් වුනේ කොහොමද? කාගේ සල්ලි ද?
Achini Monday, 01 July 2024 09:25 AM
ඔවුන් දේශීය සමාගම් බංකොලොත් කරනු ඇත. ඔවුන් පොහොසත් ජාත්‍යන්තර සමාගම් ඇති කරයි. මේවා ජාත්‍යන්තරයට දුන්නට පෙට්‍රල් මිල අඩු වෙන්නේ නැහැ
fairoos Monday, 01 July 2024 11:04 AM
ආපහු මෙයාලාටම චන්දෙ දෙමු
අරවින්ද මොනරවිල Monday, 01 July 2024 11:53 AM
ලංකාවේ බලශක්ති පිළිබඳව භාරව ඉන්නේ නම ගිය ඩීල් කාරයෙක්ගේ බූරු පුත්‍රයෙක්ටයි. ඌත් තාත්තා වගේ හතර වටේටම ඩීල් දාලා රට විනාශ කරනවා.
Prabha Monday, 01 July 2024 12:32 PM
පිරවුම්හලකට බලපත්‍රයක් කියන්නේ බාර් පර්මිට් එකක් වගේම අල්ලසක්. ඒක ලබාගන්න කෙනා ඒ ලාබ දෙන ප්‍රෙද්ශයේ තම වියදමින් ශෙඩ් එක අරින්න ඕනේ.. තෙල් ලබාදෙන්නේ සිපෙට්කෝ එකෙන්.. ඒ කියන්නේ මේක ඡන්ද අල්ලසක්...
sene Monday, 01 July 2024 03:38 PM
පළමුව අරක්කු දෙවනුව තෙල් , ලොක්කා කොහොමද සපොර්ට් ගන්න ලයිට් කනු වලට දෙන ආතල් .