IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


අරුවක්කාඩු කසළ අංගනයට කතෝලික සභාවෙන් නිහඬ විරෝධතාවයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)                                       

අරුවක්කාඩු කසළ අංගනයට විරෝධය දක්වා හලාවත පදවිය මගින්  සංවිධානය කර තිබූනිහඬ විරෝධතාවයක් අද (10) පුත්තලම කලපු තිරයේදී  පැවැත්විණි.                 

පුත්තලම හලාවත අගරදගුරු වැලස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවයට සෙසු ආගමික ප්‍රජාව සහ ජනතාව සහභාගී වූහ.                      

මෙහිදී ජනතාව දැනුවත් කිරීම සඳහා වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ජයන්ත විජේසිංහ මහතා ද එක්ව සිටියේය.                                       

පාර්ලිමේන්තුව නොමැති අවස්ථාවක පාරිසරික අණ පනත් පවා උල්ලංඝණය කරමින් අරුවක්කාඩු කසළ අංගනය ඉදිකරමින් පවතින බවට චෝදනා එල්ල කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.                                              

මෙම නිහඬ විරෝධතාවයට බැනර්, පෝසටර්, කටවුට් ආදිය යොදා නොගැනුණි.හලාවත පදවියේඅගරදගුරු වැලස් මෙන්ඩිස් හිමිපාණෝ මෙසේ පැවසූහ.     

             
 “ මේ අරුවක්කාඩු කසළ අංගනය පරිසර අණපනත් පවා නොමැතිව ඉදි කරන බව අපේ දරුවන් පවා දන්නවා. නමුත් මේ ඉදිකිරීම් භාරව සිටින සියලු නිලධාරීන් පවසන්නේ අර හොර පොල් කඩන්න ගහකට නැග්ග මිනිසා දුන්න ආකාරයේ උත්තර. එවැනි උත්තර දීලා අපේ ජනතාව මුළා කරන්න හදනවා. මේ මුළු පළාතම විනාශ කරන මේ ව්‍යාපෘතිය පළාතෙන් ඉවත් කරගන්නා තුරු සියලුම ආගමික නායකයින් සමඟ එක්වී අපි දැවැන්ත විරෝධයක් පානවා.”                            

කල්පිටිය කන්දකුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ විහාරාධිපති බැදිවැව දියසේන හිමියන් මෙසේ පවසන්නට විය.              
 “ පසුගිය මාසයකට කලින් පුත්තලමේ  තිබුණ මේ අරුවක්කාඩු කසළ අංගනයට කරළ කතාව මාධ්‍යවල ප්‍රචාරය වුණාම මට දානය ලබාදීමට කටයුතු කළ රාජ්‍ය ආයතනයට ඉහළින් දීපු නියෝගයක් අනුව පසුදින සිටම දානය නවතා දැමුවා. මට දානය නෙවේ අනිත් සියලු දේ නැතිවී ගියත් මම නිහඬ වෙන්නේ නැහැ. අපිව පාලනය කරන්න කලින් පංචශීලයෙන්  දස පනතින් පන්සල, පල්ලිය, කෝවිල පාලනය කරලයි එවලා තියෙන්නේ. ඒ අපේ පාලනයෙන් පිට පැනපු නිසා තමයි පාර්ලිමේන්තුවේ සිටි අනික් පිරිස් ජනාධිපතිට පාලනයක් නැති, කථානායකට පාලනය කර ගන්න බැරි පාර්ලිමේන්තුවක් ඇතිවෙන්නේ. පුත්තලමේ මිනිස්සු තාම හොඳයි. ඒ නිසා ඒ පිරිස පාලනය කර ගන්න බැරි මිනිසුන් බවට පත් කර ගන්න එපා. අද අපිට ඉන්නේ ජනාධිපතිතුමා විතරයි. මේ දේට අර ඇමති, මේ ඇමති කැමති නැහැ කියන්න දැන් ඔබතුමාට බැහැ. කඩිනමින් තීරණයක් ගන්න ඕනෑ.”

 

 



අදහස් (1)

අරුවක්කාඩු කසළ අංගනයට කතෝලික සභාවෙන් නිහඬ විරෝධතාවයක්

MOHAN Tuesday, 11 December 2018 06:24 AM

කරුණාකර ඔබ සියල්ල දන්නවා යන පූර්ව නිගමනයෙන් යුතුව තීරණ ගන්න එපා. කසල අංගනයක් යනු කුණු කන්දක් නොවේ. ඔබ අතරින් තාක්ෂණ දැනුම ඇති කිහිප දෙනෙක් තෝරා අදාළ ආයතනයේ ඉංජිනේරුවරුන් සමග සාකච්චාවකට යවන්න. ඔවුන් මේ පිළිබද නිවැරදි වැටහීමක් ලබා දෙවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1426 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site