IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අරලියගහ මැදුරට ඇතුළු වූ තවත් අයෙකුට ඇප

 

(නිමන්ති රණසිංහ)

අරගලය පැවැති ඉකුත් ජූලි මස 09 වැනිදා අරලියගහ මන්දිරයට අයුතු ඇතුළු බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය.

එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු අරගලය පැවැති අවස්ථාවේදී අරලියහ මන්දිරයට අයුතු ඇතුළු වී, එහි රැදී සිටිමින්, එහි තිබූ භාණ්ඩවලට සිදුකිරීම, භාණ්ඩ පරිහරණය, අයුතු ජනරාශියක සාමාජිකයෙක් වීම ඇතුළු වැරදි සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබීණී.

එලෙස ඇප මත මුදා හැරුණේ ගයාන් මධූරංග නැමැත්තාය.

අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකරුවන් ඇතුලු වීමෙන් එහි භාණ්ඩවලට මණක් සිදුවූ හානිය රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට අධික බව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. ඒ අනුව එම හානිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කළේය.



අදහස් (1)

අරලියගහ මැදුරට ඇතුළු වූ තවත් අයෙකුට ඇප

Nihal Tuesday, 04 October 2022 05:01 PM

මහින්ද ආර්.. ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site