IMG-LOGO

අර්බුදය උග්‍ර වුණොත් වේල් දෙකකින් බඩවියත රැකගන්න වෙයි

(අංජුල මහික වීරරත්න) 

යුක්රේන රුසියා යුද්ධය නිසා  ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි අතර, ලාංකිකයන් බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (3) පැවසීය.

ආර්ථික අර්බුදයේ බලපෑම තවම පටන් ගත්තා පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා  යුක්රේන රුසියා  යුද්ධයේ සම්පූර්ණ බලපෑම ශ්‍රී ලංකාව තවමත් අත්විඳ නැතැයිද මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ගෝලීය ආහාර හිඟයක් ඇති වන අතර ශ්‍රී ලංකාවට එහි බලපෑම 2024 දක්වා පවතිනු ඇතැයි කීය.

මෙම ගෝලීය ආහාර අර්බුදය ට අමතරව  ශ්‍රී ලංකාව මේ වසරේ යල සහ මහ දෙකන්නයේ ආහාර බෝග වගා කිරීමට අපොහොසත් වී ඇතැයි ද එම නිසා ඉතා ඉක්මනින්ම  ලංකාවේ මිනිසුන්ට දිනකට වේල් දෙකක් පමණක් අනුභව කරන්නට සිදුවනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රකිමු  ජයතු ලංකා සංවිධානයේ "ද්විත්ව අර්බුදය "නැමැති සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. කොළඹ පදනම් ආයතනයේ දී මෙම සමුළුව පැවැත්විණි.



අදහස් (5)

අර්බුදය උග්‍ර වුණොත් වේල් දෙකකින් බඩවියත රැකගන්න වෙයි

Hafeel Saturday, 04 June 2022 09:58 AM

දැන් දැන ඔයාගේ නොහැකියාව සහ කරන්න බැරි කියල නොකියා කියන්නේ. ඔයා මේ අගමැති දුරය බාර ගත්තේත් යුක්රේන රසියානු යුද්ධය ගැන දැනගන නේ. ඒ වගේම පොහොර නැතුව ගොවීන්ට ගොවිතැන් පවා කරගන්නත් බැරි වුනා කියලත්. තවද මේ ආණ්ඩුව බාරගත්තු දා ඉඳන් ඔයා කිව්වා වර්තමාන අර්බුදයෙන් රට සහ ජනතාචා බේර ගන්නවා කියල නේද. මේ අර්බුදවල් ඔයා ආණ්ඩුව බාරගත්තෙන් පසුව මතුවූ කාරනාවල් නොවේ. ඔ ප්‍රශ්නවල ජනතාවත් දන්නවා. ප්‍රශ්න කිය කියා ඉඳල හරියන්න නැහැ. ඔයා මහ ලොකුවට කිව්වා නේ එදා, එයා මට උදව් කරනවා, මෙයා මට උදව් කරනවා කියල. කෝ ඉතින්?

:       0       0

Rata Perata Saturday, 04 June 2022 04:00 PM

මේ මනුස්සයා අගමැතිකම ගන්නකොට කියපු කතා කොහොමද? හෙට විදුලිය.. ගෑස් දෙනවා වගේ කයිය ගැහුවේ.. දැන් කියනවා වේල් දෙකක් කන්නලු.. මේ නායකයෝද?

:       3       8

AB Saturday, 04 June 2022 04:01 PM

අනිවාර්යයෙන්ම අහන්න. චිරන්තගේ මාධ්‍ය හමුව - "ගෝඨාභයගේ පුතාගේ ⁣ඉස්සරහටත් ගෝඨාගෝ ගමක් ඕනෑ" ගෝඨාභය ජනාධිපතිවරයාගේ පුත් මනොජ්ගේ නිවස ඉදිරිපිට ගෝඨාගෝ ගමක් කිසිසේත්ම අවශ්‍ය නැත. ඔහු කිසිඳු දේශපාලන කටයුත්තකට හෝ සහභාගි නොවූ කුඩාකාලයේ ලංකාවෙන් පිටවූ විදේශ රැකියාවක නියුතු කෙනෙකි. එවැනි මට්ටමේ දේශපාලන කටයුතු හෝ ක්‍රියාකාරකම් කිසිසේත්ම කිසිවනු අනුමත නොකරනු ඇත.. දේශපාලන අරගලය කළයුතු වන්නේ ලංකාවේ නිසා USA ජීවත් වන්නා වූ මනොජ්ගේ නිවාස ඉදිරිපිටට අනවශ්‍ය හැසිරීම කරන්නා වූ පුද්ගලයින් US පොලිසිය මගින් ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ..

:       4       3

Ruwan R Saturday, 04 June 2022 05:46 PM

3 ක් කෑවේ ඔයගොල්ලෝ දීලද?

:       2       5

ජුනයිඩ් Sunday, 05 June 2022 08:16 AM

අපි දැනටත් කන්නේ වේල් දෙකයි. ඒකත් ගෑස් හම්බ වෙන විදියට. ඔයාට දෙකක් කන්න වෙන කාලෙට, අපිට එක වේලක් තියා කෑමක් දකින්නවත් නැතිවේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 409 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site