(නිමන්ති රණසිංහ)
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ජිනේන්ද්‍ර ජෝන් යන අයවලුන් අයකුට රුපියල් ලක්ෂ 225 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අද (02) නියෝග කළේය
ඒ අනුව මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ නො.309/5, මීගමු පාර, වැලිසර ලිපිනැති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි .
මෙලෙස පැහැර හැර ඇති ආදායම් බදු මුදල ගෙවන ආකාරය සම්බන්ධයෙන් පැමිණිල්ල සමඟ සාකච්ඡා කර ඉදිරි දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට නියෝග කළේය .
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව ඇති රුපියල් 1,678,795,049/= ක මුදලක් ආදායම් බදු වශයෙන් නොගෙවා පැහැර හැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩු දෙකක් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වසරේදීය.
2025 දෙසැම්බර් මස 18
406
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
234
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1023
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්ජුන ඇලෝසියස්ට ලක්ෂ 225ක ඇපයක්