IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්

(රෝෂන් තුෂාර)

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි  මිලදී ගෙන  රුපියල් ලක්ෂ එකසිය විස්සක් වංචා කර ඇතැයි චෝදනා කරමින් නිප්චූන් පේපර් පුද්ගලික සමාගම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි ගෙන්වා බෙදා හරින නිප්චූන් පේපර් පුද්ගලික සමාගම පවරා ඇති  මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අර්ජුන ඇලෝසියස් හා කඩතොට ගෙදර චමින්ද සහන්  යන පුද්ගලයින් නම් කර ඇත.

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  හර්ෂණ කැකුණුවල මහතා ඉදිරියේ කැඳවීය.

බන්ධනාගාර අධිකාරිය මගින් අර්ජුන  අලෝසියස් මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර දෙවැනි විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ධර්මතිලක ගමගේ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ පාතිමා සුහරියා මහත්මිය අධිකරණයේ කරුණු ඉදිරිපත් කළාය.

විත්තිකරුවන්ගේ බැංකු ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම 2019 වසරේ අවස්ථා හතරකදී චෙක්පත් හතරක් නිකුත් කරමින් රුපියල් මිලියන 12 ක් වංචා කිරීම හා සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇති බව නීතිඥවරිය කරුණු ඉදිරිපත් කළාය.

විත්තිකාර  ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා  කරුණු දක්වමින්  නඩුව සම්බන්ධයෙන් අධ්‍යනය කරුණු ඉදිරිපත් කිරීම හා උපදෙස් ලබා ගැනීම සඳහා සාධාරණ කාලයක් ලබා දී විත්තිකරුට ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.

දෙපර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප අටක් විත්තිකරුට නියම කළේය.අධිකරණයේ පෙනී නොසිටි දෙවැනි විත්තිකරුට මාර්තු මස 19 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි ද නිකුත් කළේය. 



අදහස් (1)

අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්

පිටරටවැසියා Monday, 25 November 2024 11:38 PM

යන යන තැන පොලු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site