
(සුජිත් හේවාජුලිගේ)
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
ඔහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල පරීක්ෂා කර ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් කරන බවද ඔහු සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තුවේ හැසිරීම් සම්බන්ධයෙන් රාමනාදන් මහතා සමග සාකච්ඡා කරන බවද කතානායකවරයා කීය.
අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තු සමාරම්භක රැස්වීමේදී විපක්ෂ නායකවරයාගේ ආසනයේ අසුන් ගැනීමෙන්ආ න්දෝලනාත්මක තත්වයක් ඇතිවිය.
මෙයට අමතරව ඔහු ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශ කිහිපයකට එරෙහිවද සමාජයෙන් විරෝධයක් මතුවිය.
අර්චුනා රාමනාදන් මහතා පසුගිය මහමැතිවරණයේදී යාපනයේ ස්වාධීන කණ්ඩායමකින් පාර්ලිමේන්තුවට තේරී පත්විය
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්චුනා ගැන පරීක්ෂණයක්
sukitha Monday, 25 November 2024 03:20 PM
රන්ජන් ගේ ජානවලට ටිකක් සමාන ජාන තියෙන කෙනෙක්. වැඩිය අවුස්සන්නේ නැතිව ඉන්න එක තමයි විසඳුම. ටිකක් කරුණාව දක්වන්නත් ඕනෑ.
Malin Monday, 25 November 2024 03:37 PM
හොඳ තීරණයක්. ඔහුගේ ප්‍රකාශ බොහොමයක් ජාතිවාදය අවුළුවන ඒවා. මුලදිම එය නැවැත්විය යුතුයි. නැත්නම් පසුවට තවත් අය මේ විදිහටම කටයුතු කරයි. වැනි වැනී ඉන්නේ නැතුව කෙලින් තීරණයක් ගනු ඇතැයි විශ්වාස කරමු.
රම්බොඩ Monday, 25 November 2024 03:49 PM
විකෘති මානසික තත්ත්ව තියෙන මිනිසුන්. ඉගෙන ගත්තාට වැඩක් නෑ. ප්‍රජානනය පිළිබඳ ගැටළු තියෙනවා. දඬුවමින් හෝ මානසික උපදේශනයෙන් හදාගන්න බලන්න ඕන. නැත්නම් දිගටම විකාර කරයි.
chinthaka Monday, 25 November 2024 04:37 PM
තනිකරම ජාතිවාදියෙක්, බොහොම සූක්ෂම විදිහට නැවතත් 2009 ට කලින් තිබුණු තැනට රට ගෙනියන්න හදන කෙනෙක්. වහාම මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුමයි.
ravin Monday, 25 November 2024 05:11 PM
මෝඩ චූන් කාරයෙක්... උගත්කම යනු ස්ථානෝචිතව වැඩකිරීම මිස උපාධි පට්ටම් ලැබුණු පමණින් වාචාලවීම නොවේ. මෝඩයි කියලා මොනවා කරන්නද? ඔන්න ඔහේ පාන් කෑල්ලක් දීලා තියාගන්න. පත්කළ ජනතාව විසින්ම එළවීමත් කරාවි. මෑත ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ අපි සැවොම අත්වින්දා නේද?
Ruwan De Silva Monday, 25 November 2024 06:20 PM
මේ පාර මහ මැතිවරණය උතුරේ නැගෙනහිර බහුතරයක් ජාතිවාදී ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මේ වගේ ජාතිවාදී පැල ඉක්මනින්ම ඉවත් කරන්න ඕනේ. නැත්තං වෙන්නේ චෙන්නායි වල ඉඳන් ආව බණ්ඩාරනායක පරම්පරාව වගේ ලංකාව ජාතිවාදී, ආගම්වාදී ගැටුම්වලින් රට සෝමාලියාවක් කරලා තමයි පස්ස බලන්නේ.
Nishan Tuesday, 26 November 2024 05:14 AM
උතුරේ ඡන්ද ගන්න මැතිවරණ සමයේ දීපු පොරොන්දු නිසා මෙවැනි ජාතිවාදයක් ඇවිස්සුනා. මුර පොළවල් ඉවත් කිරීම සහ හමුදා කඳවුරු ඉවත් කිරීම නිසා තමයි මේ අයට චාන්ස් එක ලැබුනේ. ඔක්කෝටම කලින් ආණ්ඩුව ඒවා නවත්වන්න ඕනේ.
Rifan Tuesday, 26 November 2024 06:21 AM
ඔහු බලාපොරොත්තු වන්නේත් ඔය මාධ්‍ය ප්‍රසිද්ධිය තමයි. එම නිසා ඔහු සම්බන්ධ කටයුතුවලට මාධ්‍ය ප්‍රචාරයක් නොදී නීතිය අකුරටම ක්‍රියාත්මක කර මේ වගේ කපටින් ලත් තැනම ලොප් කරදැමිය යුතුයි.