(රෝෂන් තුෂාර)
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (29) නියෝග කළේය.
2021 වසරේදී බේස් ලයින් පාරේ සිදුවූ රිය අනතුරකින් පසුව පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයාට එරෙහිව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය මගින් ගොනු කළ විමර්ශන වාර්තාවට අනුව පසුගිය 26 වැනි දින යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කොට තිබිණි.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා මහතා අධිකරණයේ පෙනී සිටිමින් සිය නීතිඥයා මගින් කියා සිටියේ පසුගිය 26 වැනි දින තමන් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වූ බැවින් හා අධිකරණයට පැමිණිය යුතු දිනය අමතකව තිබූ බැවින් පෙනී සිටීමට නොහැකි වූ බවයි.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු ආපසු කැඳවීමට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
පිටරටවැසියා Thursday, 28 November 2024 04:34 PM
කිව්වේ නැද්ද, 26 වෙනිදා අධිකරණ දිනය අමතක වෙලා පාර්ලිමේන්තු ගියාට, එහෙ ගිහිල්ලත් දැම්මේ ගොන් පාට් එකක් කියලා...
නිහාල් Thursday, 28 November 2024 05:25 PM
සාමාන්‍ය කෙනෙක් අමතක වුණා කිව්වොත් මොකද වෙන්නේ...?
Nandalal DE SILVA - France Thursday, 28 November 2024 09:15 PM
දොස්තර කෙනෙක් වුණේ කොහොමද? දිනයක්වත් අමතක වෙනවා නම්? ඕවා කියන්න කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට...!