IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


’’අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ වෙඩි තියන්න නියෝග දුන්නේ නෑ’’

(ගයාන් සූරියආරච්චි)

අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට තමා උත්සුකවීමට තමාට අවශ්‍ය නොවූ බවත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජන ඝාතකයකුවීමට තමා උත්සුක නොවූ හෙයින් සෙසු රටවල් මෙන් මෙරට අපායක් නොවී බේරුණු බවද ඔහු සදහන් කරයි.

බල ලෝභී පාලකයන් පවසන පරිදි රාජ්‍ය පාවාදීමේ අශ්සීල දුර්ජන පරමාර්ථයක් තවාට නොවූ බවද විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලකුවීමට ආශාවක් තමාට නොතිබුණු බවද ඔහු සදහන් කරයි.

41 වසරක යුද දිවියෙන් විශ්‍රාම යාමේ නිමිත්තෙන් අද(31) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයකින් අනතුරුව නිකුත් කළ විශේෂ ප්‍රකාශයක මෙම කරුණු සදහන් වේ.



අදහස් (19)

’’අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ වෙඩි තියන්න නියෝග දුන්නේ නෑ’’

Janahitha Wednesday, 01 January 2025 12:08 AM

අපි ගරු කරනවා එම තීරණයට...

:       1       12

pj Wednesday, 01 January 2025 12:32 AM

ජය ගන්නා තුරුම යුද පිටිය මෙහෙය වූ ඔබට උත්තමාචාරය...! 

:       0       12

සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 01 January 2025 01:16 AM

තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය නිමාකළ මහින්ද, ගෝඨාභය, ෆොන්සේකා සහ ඔබ ඇතුළු රණවිරුවන්ගේ සේවය සදා අමරණීයයි...

:       0       9

ramalingam s Wednesday, 01 January 2025 05:58 AM

දකුණේ එහෙම වුණාට, උතුරේ විතරක් වෙනස්...

:       2       2

අතුල Wednesday, 01 January 2025 02:47 PM

ඒ කතාව එතරම් සාධාරණ නැහැ. දකුණේ අන්තවාදී පිරිසක් 1971 සහ 87-89 අවි අතට අරගත්තා. උතුරේත් ඒ වගේමයි. අවුරුදු 30 කටත් වැඩි කාලයක් රජයේ හමුදා සමග සටන් කළා. අවි අරගෙන සටන් කරණ අයත් එක්ක කොහොමද, වෙඩි තියන්නේ නැතිව ප්‍රශ්නය සමස්ථයකට පත් කරන්නේ. 2022 අරගලයට සහභාගි වූවන් හැම ජාතියකටම, ආගමකටම අයත් වූවන්. අඩුම තරමේ "ගල් කැටයක්" වත් "පොලු කෑල්ලක්" වත් ඔවුන් අතේ තිබුණේ නැහැ. කොහොම වුණත් මහත්මයා, ඔය සියල්ලම අතීතයට එක් වෙලා ඉවරයි. වැරැදි කරපු අය ඉන්නවා නම් නීති මගින් දඬුවම් කරමු. ජාති, ආගම්, කුල ඇතුළු කිසිම බේදයක් නැතිව අපි හැමෝම සමගියෙන්, සමාදානයෙන් ජිවත් වෙමු. එහෙම අපි හැමෝම හිතුවොත්, "අපිට පුළුවන් ඒක කරන්න"

:       0       2

Upul Liyanage Wednesday, 01 January 2025 07:07 AM

ඔබට අපගේ ආචාරය...! 

:       0       8

Janindu Perera Wednesday, 01 January 2025 07:45 AM

එතකොට අර වෙඩි තිබ්බේ කාගේ නියෝගයකට අනුවද එහෙනම්..?

:       2       5

swene Wednesday, 01 January 2025 08:24 AM

ඒ උදාර ගුණයට සහ මානුෂික මෙහෙයුමේ දී ඔබ කළ දැවැන්ත සේවාවට හිස නමා ආචාර කරනවා.

:       1       7

පොඩිඑකා Wednesday, 01 January 2025 08:58 AM

යුද ජයග්‍රහණයට මෙතුමා දැවැන්ත සේවයක් කළා. කෝවිඩ් සමයේ හෝටල් ටිකක් සෙට් කරගෙන මල්ටි බැරල් සයිස් ගේමක් දුන්නා කියලා කව්දෝ කිව්වලු.

:       0       6

කපිල චන්ද්‍රසේන Wednesday, 01 January 2025 09:22 AM

සිරාවටම...

:       1       5

දොන් සේතන් Wednesday, 01 January 2025 10:12 AM

ඒ කාලේ හමුදාව ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින් මනුෂ්‍ය ඝාතන කරන කොට නිදි වැදිලාද හිටියේ...?

:       2       2

m. saman perera Wednesday, 01 January 2025 10:21 AM

ජනාධිපති මැදුර අසල හමුදාවෙන් ඕනෑ තරම් වෙඩි තැබීම් සිදුවූවා අරගලය වෙලාවේ...

:       3       4

Robin Wednesday, 01 January 2025 10:24 AM

නමුත් තමා සේවය කළ රජයේ ජනාධිපතිවරයා හෝ අඩුම වශයෙන් ජනාධිපති වාසය කළ නිලනිවස ආක්‍රමණකාරීන්ගෙන් බේරාගැනීමටවත් කිසිවක් කළේ නෑ නේද?

:       2       3

vipula Wednesday, 01 January 2025 10:52 AM

රටට ණය නැති උතුම් මනුෂ්‍යයෙක්. රට අඳුරින් එළියට රැගෙන එන්නට දායක වුණා. රටේ මිනිසුන්ට අභය දානය දිමට දයක වුණා. ඔබට නීරෝගිමත් විශ්‍රාම දිවියට ආසිරි.

:       0       4

Nishamani Wednesday, 01 January 2025 11:30 AM

ඔබේ මිනිසත්කමට අපේ උත්තමාචාරය... සුවබර විශ්‍රාම දිවියක් පතනවා.

:       0       8

fairoos Wednesday, 01 January 2025 11:37 AM

අපගේ උත්තමාචාරය...!

:       0       5

nimrath Wednesday, 01 January 2025 11:49 AM

සරත් ෆොන්සේකාගේ රෝගය ඔබටද වැළඳී ඇත. සේනාධිනායකයාගේ වගකීම පවරා ගෙන ඇත. ජනතාවට වෙඩි නොතැබීමේ තීරණය ඔබගේ නොව ගෝඨාභයගේය. ගෝඨාභය නියෝග කළේ නම් ඔබට වෙඩි තැබීමට සිදුවනු ඇත. ගෝඨාභය වෙඩි තැබීමට අණ දී, ඔබ එය නොසලකා හැරියේ නම් ඔබගේ කතාව නිවැරදියි. ගෝඨාභයගේ අරක්ෂකයින් ජනාධිපති මන්දිරයෙන් ගෝඨාභය ඉවත් නොවන්නේ නම් ජනතාවට වෙඩි තැබීමට සිදුවන බව ඔහුට දැනුම් දුන් බවත්, ගෝඨාභය ඉවත්වීමට තීරණය කළ බවත් වාර්තා විය.

:       4       15

මැක්ස් Wednesday, 01 January 2025 01:26 PM

වචනයේ සැබෑ අරුතින්ම රණ සූරයකු වන චාගි ගාල්ලගේට යුද්ධයේ අවසන් සමයේ හටගත් හෘදයාබාධය නිසා ඇතිවූ හිඩැස පිරවීමට සරත් ෆොන්සේකා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභගේ බලයෙන් පැමිණි ඔබ ඉන්පසු කටයුතු කලේ යුද පෙරමුණේ නොව මාධ්‍ය පෙරමුණේ බව දන්නෝ දනිති. තුවක්කුවට වඩා කැමරාව සමග යුද පෙරමුණේ කටයුතු කළ ඔබට වඩා චාගි පමණක් නොව, ජගත් ඩයස්, කමල් ගුණරත්න ආදී අනෙක් සේනාංක මෙහෙය වූවන් යුද්ධය සම්බන්ධයෙන් දක්ෂයින් බව සැඟවීමට කාරණයක් නොවේ. අරගල සමයේ ඔබගේ සැක කටයුතු ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමල් වීරවංස සඳහන් කළ දෑ වැරැදි නම් ඔහුට එදිරිව නඩු දමා ඔබගේ නම පිරිසිදු කරගන්න අවස්ථාව තිබේ....

:       3       5

Bishan Wednesday, 01 January 2025 01:41 PM

මෙයත් එක්ක බයියෝ තරහයි. ටෝයියෝ කැමැති නෑ. දේශපාලනය මෙවන් විරුවන්ව නැති කළා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 107 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 322 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 623 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 2021 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 497 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 379 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 484 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 127 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site