IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අරගලය අස්සේ සෙබළුන්ගේ අවි උදුරන් යයි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බත්තරමුල්ල පොල්දූව හංදියේ ඊයේ (13) ඇති වු නොසන්සුන්තාව අතරතර ප්‍රකෝප වු පිරිස් එහි ආරක්ෂාවට කැඳවා සිටි හමුදා සෙබළුන් දෙදෙනකුට පහර දී බරපතල තුවාල සිදුකර ඔවුන් සතුව තිබු ටී 56 ගිනි දෙකක් පැහැගෙන ගොස් ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි.

පිරිසගේ අමානුෂික යකඩ පොලු ප්‍රහාරයට ලක්ව සෙබළුන් දෙදෙනා හිසට හා මුහුණට බරපතල තුවාල සිදුව ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.

හමුදා සෙබළුන් දෙදෙනාගේ ගිනි අවි දෙක සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, එය භාවිතා කරමින් ඉදිරියේ කිසියම් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බවත්, ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසට හමුදාව ඉල්ලා සිටියි.

---------------------------------------------------------------------------------------------------

7.40 Am

(ඉන්දිකා රාමනායක)

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වෙමින් සිටී පිරිස ඊයේ(13) රාත්‍රියේ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් පැහැර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් කල් දුව මහතා පවසයි.

මෙහිදී හමුදා සෙබළකු සහ පොලිස් කොස්තාපල්වරයකු විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර හමුදා සෙබලා බාරයේ තිබූ ටී 56 ගිනි අවිය , ජීව උණ්ඩ 60 මැගසින් දෙකක්, මේ ආකාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ගිනි අවිය පැහැරගැනීම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී නැත.

පිරිසගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සහ යුධ හමුදා සාමාජිකයා රෝහල්ගත වී ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

පොලිස් කොස්තාපල්වරයා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අයකු බවත්, හමුදා සෙබලා වැල්ලවාය දේශය කඳවුරක රාජකාරි කරමින් සිටින්නකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

 



අදහස් (16)

අරගලය අස්සේ සෙබළුන්ගේ අවි උදුරන් යයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 14 July 2022 08:24 AM

දැන් අරගලය යන්නේ වෙනත් පැත්තකට.එයට පාතාලයන් කුඩ්ඩන් හොරුන් හා දඩබ්බරයන් රිංගලා. කිසි පාලනයක් නැහැ.

:       3       48

ජගත් ලියනගේ Thursday, 14 July 2022 08:37 AM

ඒව නං හරිම නරක වැඩ .

:       0       29

janahitha Thursday, 14 July 2022 08:49 AM

මකොල්ල කරුවන් පාතාලය සක්‍රිය වි අති බවින් වහාම පියවර ගත යුතුය ඔවුන් අරගල කරුවන් (ජනතාව ) නොවෙ මෙම පුවත වැරදි සහගත බව පෙනෙනව.

:       0       9

nihal Thursday, 14 July 2022 09:22 AM

මෙය රනිල්ගේ උප්පරවැට්ටිවලින් එකකි.

:       41       9

BT Thursday, 14 July 2022 09:42 AM

87-89 යුගයට නැවත අතවැනීමක්ද? නැහැ, නැහැ. වෙන්න බැහැ. අර පාරට බැහැලා ඉන්න කිරි සප්පයෝ ඒ කාලේ වෙච්ච දේවල් දන්නේ නැහැනේ...

:       6       29

චන්දන Thursday, 14 July 2022 06:06 PM

ඔබ හිතන හැටි හරි. මේ ඒකෙම කොටසක්... එදාත් ගුණරත්නම් තිරෙන් පිටුපස ඉඳලා සියල්ල කළා. අන්තිමේදී රෝහණ වි⁣ජේවීරගේ පාලනයෙන් සියල්ල ගිලිහුණා. අද වෙන්නේත් ඒ ටිකම බව එදත් හිටි මට නම් හොඳින් පැහැදිලියි.

:       0       2

චින්තක Thursday, 14 July 2022 10:15 AM

එක් බැංකුවක ප්‍රචාරක දැන්වීමක් තිබුනෙ සතෙන් සතේ රුපියලෙන් රුපියල කියලා ඒ ගැන පොඩ්ඩක් හිතන්න 1971 අප්‍රේල් 5 සිට පැවති තත්වයත් ඒ වගේම තමයි

:       3       20

Nalin Thursday, 14 July 2022 10:25 AM

JVP සාම හමුදාවට යන්ඩ එකතු කරනව වගේ.

:       7       32

ජනතාව Thursday, 14 July 2022 11:52 AM

වහාම රටට අවශ්‍ය හමුදා පාලනයක්... අගමැති, ජනාධිපති, 225, අනුර කුමාර, අන්තරේ ජෙප්පන්, කුරුටුගාමීන්, කුමාර් ගුණරත්නම්, කර්නර්... එක්කෙනෙක් වත් වැඩක් නැහැ. රට තවත් වලපල්ලට. මියන්මාරේ ආදර්ශයට ගන්න.

:       0       0

fairoos Thursday, 14 July 2022 11:53 AM

අරගලයට සවන් දීලා රනිල් ඉල්ලා අස්වුණොත්, මේ ඔක්කොම ඉවරයිනේ...

:       0       0

Suminda Thursday, 14 July 2022 12:28 PM

අරගලයට මුවා වී පාතාලකාරයින්, කුඩුකාරයින්, හොරුන් හා විවිධ පුද්ගලයින් සිටියි. ඔබ ඔවුන්ව හඳුනාගන්න රට අරාජික නොකරන්න. තාමත් දේශපාලකයින්ට කඩේ යන අය සිටියි.

:       2       7

himali Thursday, 14 July 2022 12:36 PM

ලාල්කාන්තලා හඳුන්නෙත්තිලා ළඟ පැහැර ගත්තු ටි -56 තියෙනවා. බලාගෙන... අපේ රට, ජාතිය, ආගම, හමුදාව මේ වෙලාවේ රැකිය යුතුයි.

:       3       20

Lelwala Thursday, 14 July 2022 01:53 PM

නිදහස් අරගලය ලේ විලකින් අවසන් වේ. එයට වැඩි කලක් නොමැත...

:       1       10

kamal Thursday, 14 July 2022 01:58 PM

සාමකාමි ජනතා විරෝදයකට අවි ආයුධ අරගෙන ආවෙ අයි?

:       9       2

ලප හනුමාThursday, 14 July 2022 03:05 PM

කොහේද ඔතන සාමකාමී අරගලයක් තියෙන්නේ...?

:       0       0

ලපයා Thursday, 14 July 2022 01:59 PM

මෙතරම් කාලයක් ඉවසා සිටීම ගැන ජනාධිපති ගෝටාභය ට ස්තූති කරන්න ඕනෑ. නමුත් දැන් ඉතින් ඉවසුවා හොඳටම ඇති. අරගල කාරයෝ උන්ගේ අවසානය ලඟාකර ගෙන ඇත.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 496 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 306 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site