
(සුජිත් හේවාජුලිගේ)
අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් හය දහසකට ආසන්න පිරිසක් විවිධ හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ අරගලයෙන් පසු බොහෝ දේශපාලඥයන්ට තමන්ගේ ජයග්‍රහණ ගැන අවිශ්වාසයක් මතුවීම හේතුවෙන් දේශපාලනයෙන් මෙසේ සමුගෙන ඇති බවයි.
විවිධ තරාතිරම්වල දේශපාලඥයන් සහ දේශපාලනයට සම්බන්ධ දෙදහසකට අසන්න පිරිසක් විදේශගතවී ඇති බවටද නිරීක්ෂණ සංවිධාන වලට තොරතුරු අනාවරණය වී ඇත.
තවද දේශපාලන පක්ෂ තිහක් පමණ විවිධ හේතු මත පසුගිය කාලයේදී අක්‍රිය වී ඇති බව හෙට්ටිආරච්චි මහතා පැවසීය.වෙනත් පක්ෂ පිහිටුවාගැනීම, වෙනත් පක්ෂ සමඟ එකතුවීම යනාදී කාරණා හේතුවෙන් සමහර පක්ෂ මෙසේ අක්‍රිය වී ගොස් ඇති බව ඔහු කීවේය.
පළාත් පාලන මැතිවරණයට පසුගියදා නාමයෝජනා කැඳවුණු ලැබූ අවස්ථාවේදී ඊට අපේක්ෂකයෝ අසූ දාහකට වැඩි පිරිසක් ඉදිරිපත් වූහ. මින් අපේක්ෂකයන් අඩකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට එම මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂ වල නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරගලයෙන් පසු 6000ක් දේශපාලනයෙන් සමු අරන්
pj Friday, 27 December 2024 01:44 AM
බොරැව සමාජගත කිරීමෙන් පසු යනුවෙන් නිවැරදි විය යුතුය......
[email protected] Sunday, 29 December 2024 10:27 AM
මෙතුමා සමුගන්නේ කවදද දන්නේ නැත. මෙයත් දැන් ඉන්න පාලනයටම හොදයි.