(සුමිත් පොතුපිටිය)
රජයේ අරක්කු කාලක් (මිලිලීටර් 180 අඩංගු) බෝතලයක් ඉනේ සගවාගෙන පානදුර අධිකරණ භූමියට ඇතුළුවීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු අද (28) අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, මොරවින්න ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි .
සැරයන් ප්‍රනාන්දු සහ සිවිල් ආරක්ෂක නිලධාරී නදීරා අධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි නියුතුව සිට ඇති අතර , සැකකරු අධිකරණ භූමියට ඇතුළුවීමට ප්‍රථම කල ශරීර පරීක්ෂාවේදී රජයේ අරක්කු මිලිලීටර් 180 ක් අඩංගු බෝතලයක් ඉනේ සගවාගෙන සිටියදී සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.
අධිකරණයට ඉදිරිපත් කර සිටී පුද්ගලයෙකුට ඇප ලබාදීම සදහා සැකකරු පැමිණ ඇති බවත්, මෙය කිසියම් පුද්ගලයෙකුට ලබාදීමේ අරමුණින් රැගෙන විත් ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂක සිදුකරන බව සදහන්වේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ උපදෙස් පරිදි සැරයන් ප්‍රනාන්දු (41075) සහ සිවිල් ආරක්ෂක නිලධාරීනී නදීරා (19780) පරීක්ෂණ පවත්වති .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අරක්කු කාලක් ඉනේ ගහන් උසාවි ඇවිත් මාට්ටු
Dinesh Friday, 28 October 2022 08:40 PM
අරක්කු විකුණනන්, බොන්න තහනම් නෑ. ඒත්උ සාවියට ගෙනියන්න බෑ.