IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයි.පී ඝාතනයට ඔත්තු බැලූ පොඩි සුදූ මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර ඝාතනය සදහා ඔත්තු බැලූ පොඩි සුදූ නැමැති ඔත්තුකරු අයිස් මත්දුව්‍ය සමග අම්බලන්ගොඩ වෙනමුල්ල ප්‍රදේශයේ දී  පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය .

එහි දී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14, මිලි ග්‍රෑම් 50 ක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයෙකි.

තවද වැඩිදුරටත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම සැකකරු 2023.10.09 වන දින රත්ගම පොලිස් වසමේ රත්ගම කරාව ප්‍රදේශයේ දී හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර යන අය ඝාතනය කිරිම සදහා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට රත්ගම දක්වා පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර නිලධාරියා ගමන් කරන ලද යතුරු පැදිය පිටුපසින් යතුරු පැදියකින් ගමන් කරමින් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “සමන් කොල්ලා” යන අයට ජංගම දුරකථනයෙන් මාර්ග පිළිබදව දැනුම් දී ඇති අතර ඒ අනුව මෙම සැකකරු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර නිලධාරියා ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් බවට කරුණු අණාවරණය කර ගෙන ඇත.

 



අදහස් (1)

අයි.පී ඝාතනයට ඔත්තු බැලූ පොඩි සුදූ මාට්ටු

Bamunuarachchi Sunday, 05 May 2024 02:14 AM

මොවුන්ව ඉතිරි කරන්න එපා. ඌරො කැකුණ තලන විට හබන් කුකුලන්ට රජ මගුල් ලු. දැන් ලෝයර් කාරයෝ ලැහැස්ති වෙනවා ඇති මුන්ව බේරගන්න ගාන අරන්. එනිසා මොවුන් සඟවාගෙන ඉන්න ආයුධ පෙන්වන්න අරන් යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site