(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 95කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මතවිය.
යෝජනාවට පක්ෂව ඡන්ද 120ක් ලකුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 25ක් පමණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ඒ එච් එම් ෆවුසි මහතා හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ සිටියේ නැත. ෆවුසි මහතාද යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේය.
යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සන්ධානය සහ උත්තර ලංකා සභාගයයි.
අතුරලියේ රතන හිමියෝද අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ නායක ජී.ජී පොන්නම්බලම් මහතාද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව දින තුනක් පුරා (26,27,28) විවාදයට ගැනිණ.
මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශයට අවශ්‍ය සහාය ලබාදීම මෙම යෝජනාව මඟින් සිදුකෙරේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයි.එම්.එෆ් යෝජනාව වැඩි ඡන්දෙන් සම්මතයි
ලසන්ත Friday, 28 April 2023 09:08 PM
සජබ සියලු මන්ත්‍රීලා සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටියා කියන්නේ ආසයි, බයයි කියනවා වගේ... නැත්නම් වැට උඩ ඉන්නවා වගේ වැඩක් තමයි..
විජිත් Friday, 28 April 2023 09:21 PM
සමගි ජන බලවේගය "අසුචි ස්නානය" කළබව හොඳට සටහන් කරලා තියාගන්න. තමන් වෙනුවෙන් ඊයේත් කෑගැසූ චන්ද දායකයින්ව ඔවුන් පාවාදුන්නා!!! ඡන්දය දීමට නොපැමිණීමයි, විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමයි කියන්නේ සම්පුර්ණයෙන්ම අර්ථ දෙකක්...!!! මෙතැනදී සජිත් කලේ තමනුත් බේරී - රනිල් ඇතුළු ආණ්ඩුවත් බේරාගත්ත එකයි. රාජපක්ෂලාගේ අතේ තමයි සජිත්ගේ අනාගතය තිබෙන්නේ. ඒ වගේමයි එළිපිට කොයිතරම් කෑගැහුවත් සජිත්ට බැහැ රනිල්ගේ ගැටවලින් පැනලා සවාධිනව යමක් කරන්න. මෙතැනදී සමගි ජන බලවේගය අනාථ කලේ ඔවුන් පසුපස ගිය ඔවුන්ගේ ඡන්ද දායකයින්. ඔවුන් නැවත සජිත් සමග සිටියි කියා සිතන්න අමාරුයි. ඒ වගේම ඒ කැඩුණු කොටස් අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයට සහය දක්වනවා...
ananda Saturday, 29 April 2023 07:08 PM
සජිත් කියන්නේ පිරිසිදු චරිතයක් නොවන නිසාත් ඔහුගේ කණ්ඩායමත් ඔහු වගේම කුණු ගෑවුණු අය නිසාත් ඔවුන් මේ පනතට කෙලින්ම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න බයවෙන්න ඇති. ඔවුන්ගේ කුණු ෆයිල් රැසක් මිනීමරු බැංකු හොරුන්, සුනාමි හොරුන්, කොටි රත්තරන් හොරුන්, තජුදින් ඝාතකයින්, ගාව තිබෙනවා. ඒ නිසා තමයි සජිත් මේ ආසයි බයයි ක්‍රියාව කළේ...