IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අයි.එම්.එෆ් යෝජනාවට අපේ ඡන්දය නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ණය පහසුකම පිළිබඳ යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව අද(28)  ඡන්දය ප්‍රකාශ කරන බව  එම සභාවේ මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 27 ) පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාව සම්බන්ධ
විවාදයේදීය.
ඒ ණය මුදල පාවිච්චි කරන ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන උනන්දුව ගැන සෑහීමට පත් නොවන බවද ඔහු සඳහන් කළේය.

මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙසේද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දූෂණය සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමුකළ යුතුයි. එක්ස්ප්‍රස් පර්ල්  සිද්ධිය  අදහාගත නොහැකි දෙයක්.අරමුදල මේ ඩොලර්  අපිට ලබා දෙන්නේ ජනතාවගේ යහපත සඳහා. එහෙම නැතුව එක එක්කෙනාගෙ අවශ්‍යතා වලට නොවෙයි. සාක්කු දාගන්න  නොවෙයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන අවධානය ගැන අපි සෑහීමට පත්වන්නේ නැහැ. ඒ පිළිබඳව වගකීමක් ඒ අයට බාර වෙනවා. ඒක ඉෂ්ට කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.



 

 



අදහස් (5)

‘අයි.එම්.එෆ් යෝජනාවට අපේ ඡන්දය නෑ‘

Bamunuarachchi Thursday, 27 April 2023 02:00 PM

රට තවත් අමාරුවේ දමන්න හදන උඹලට අපි චන්දෙ දෙන්නෙත් නැහැ. කාලකන්නි

:       2       8

නිහාල් Thursday, 27 April 2023 03:16 PM

කියන කියන දේ කරන කොන්දක් නැති පුද්ගලයෙක්.

:       0       8

පිටිගල මිලානෝ Thursday, 27 April 2023 04:16 PM

අන්න ජයරත්න උන්නැහේ දොරකඩට වෙලා බලාගෙන ඉන්නවා තාම නෑනේ කිය කියා.

:       1       5

prasanna Thursday, 27 April 2023 07:48 PM

GL ගෙදර යන්න

:       0       2

Jayalath Friday, 28 April 2023 03:56 AM

මුගේ චන්දෙ මොකටද දෙපත් නයා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site