(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන 26 වැනි දා අත්සන් තැබීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ රජය අතර සාකච්ඡා මේ දිනවල කොළඹදී පැවැත්වෙන අතර ජනාධිපති නියෝජිත ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම සාකච්ඡා වලට සහභාගී වෙයි.
මෙම සාකච්ඡා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන තත්ත්වයන් ගැන සතුට පළ කර ඇති නමුත් යම් යම් ක්ෂේත්‍ර වල පවතින මන්දගාමී ස්වභාවය ගැන ද කරුණු දක්වා තිබේ.
රාජ්‍ය ආදයම් ඉහල නැංවීමේ ඉලක්කය එලෙසින්ම සම්පූර්ණ කරගෙන නොමැති බව අයි.එම්.එෆ් නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබේ.
මෙහිදි සාගල රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ එම වැඩපිළිවෙල ගැන සම්පූර්ණ වගකීම රජය විසින් ක්‍රියාත්මක කරන බවත් ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්ය. එසේම දෙපාර්ශවය හොඳ අවබෝධයකින් මෙම කටයුතු කරගෙන යා යුතු බව ද රත්නායක මහතා පෙන්වා දුන්නේය.
රටට සපුරා ගැනීම සඳහා ඉලක්ක දෙන විට ප්‍රායෝගික විය යුතු බව පෙන්වා දී ඇති සාගල රත්නායක මහතා බදු අය කරද්දී ප්‍රායෝගික විය යුතු බවද පෙන්වා දී ඇත. ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ මත්පැන් මත බදු වැඩි කරද්දී අලෙවිය අඩුවී නීති විරෝධි මත්පැන් වෙත ජනතාව යොමුවී ඇති බවයි. එසේම ආදායම් අඩුවීමට ආනයන සීමාව හේතුවක් බව ද රත්නායක මහතා කියා තිබේ.
ජනතාවට දැරිය නොහැකි මට්ටමට බදු පනවා තිබෙන බව පෙන්වා දී ඇති සාගල රත්නායක මහතා රජයේ ආදායම් වැඩිවීමට නම් ආයෝජන ද පැමිණිය යුතු බව කියා තිබේ.
මෙහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය මින් පෙර ගිවිසුම් අතරමඟ අතහැර දැමීම හේතුවෙන් මෙවර දැඩි කොන්දේසි පැනවීම සිදුවූ බවයි.
2025 දෙසැම්බර් මස 18
275
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.එම්.එෆ් දෙවැනි වාරිකයට පෙර ගිවිසුමට දිනයක් දෙයි
සිල්වා Saturday, 23 September 2023 10:11 AM
ආර්ථිකයට පමණක් අදාල ප්‍රායෝගික කොන්දේසිවලට පමණක් අත්සන් තබනවා හැර අපගේ සංස්කෘතිය වෙනස් කරන සහ දුරාචාරය පතුරුවන කොන්දේසිවලට එකඟවිය යුතු නැත...