(සුජිත් හේවාජුලිගේ )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට මේ අවුරුද්දේ අවසානය වන තුරු බලාසිටීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඊට කලින් මුදල් නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ළඟදීම පැමිණ ගිවිසුමක් අස්සන් කිරීමට නියමිතව ඇතත් ඒ ගිවිසුමෙන් ණය නොලැබෙන බවත් ණය ලබා ගැනීමට නම් එම අරමුදලේ ප්‍රධාන මණ්ඩලය ණය ගිවිසුමට අත්සන් තැබිය යුතු වන බවත් ඔහු කීවේය.
ඒ සඳහා රජයේ ආදායම ඉහළ නැංවීම, සහනාධාර සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම යනාදි කටයුතු රැසක් සිදු කිරීමට රජයට සිදුවන බව හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අයි.එම්.එෆ් ණය ලැබෙන කාලය හර්ෂ හෙළිකරයි
මැක්ස් Monday, 13 June 2022 02:35 PM
පුරෝකථන අපට වැඩක් නෑ. මේ වෙලාවේ ආණ්ඩුවට එක්වෙලා ඩොලර් අර්බුදයට විසඳුම් දෙන්න උත්සාහ කරන්න...!
Tharindu PereraMonday, 13 June 2022 03:31 PM
හොරුත් එක්ක එකතු වෙලා රටවල් ගොඩගන්න කියන්න තරම් මෝඩ වෙන්න එපා! ඔක්කෝටම කලින් හොරාකාපුවා පවරාගන්න කියලා කට ඇරලා කියන්න උත්සාහ කරන්න. එහෙම කියන්න තරම් වහල්කමින් අත්මිදුණොත් රට ගොඩගන්න පුළුවන්...!
යෝගා Monday, 13 June 2022 03:41 PM
එළියේ ඉඳන් පණ්ඩිත කතා කිව්වාට ඇතුළට ඇවිත් වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.
ලලිත් අම්බලන්ගොඩ Monday, 13 June 2022 02:42 PM
එතකොට රටෙන් බහුතරයක් වලපල්ලට ගිහිං තියේ්වි. කලුකඩ මුදලාලිලා දිව්‍ය ලෝකෙන් එහාටත් යාවි...
SUNIL MILANO Monday, 13 June 2022 03:04 PM
යහපාලනය කාලෙදී කරපු අටමගලයක් නෑ. දැන් ලොරි ටෝක් දෙනවා.
fairoosMonday, 13 June 2022 04:47 PM
ඉතාලියේ දැන් ටිකට් අරන් ඇවිල්ලා පත්කරපු අය කෝ දැන්..? දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න හොඳට තිබිච්චි රට බංකොළොත් කරපු කාලකණ්ණි ආණ්ඩුවට හෙණ 7ම වදිනවා...