(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර අරමුදලෙන් දුන් මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිතය. එහිදීද මේ පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර දේශපාලන පක්ෂ රට වෙනුවෙන් සහාය ලබා දෙනවාද නැද්ද යන්න ගැන මෙම විවාදයේදී දැක බලාගත හැකිවනු ඇතැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
රත්නායක මහතා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳව විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කරමිනි.
මෙම දැනුවත් කිරීමේ හමුව විදේශ කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පසුගිය 10 වැනිදා පැවැත්විණ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයි.එම්.එෆ් ණය මුදල ගැන පාර්ලිමේන්තු විවාදය 25
Hafeel Wednesday, 12 April 2023 05:17 PM
මෙතන ජනවරමක් නැති පරාජිත සාගල කියන පරිදි "දේශපාලන පක්ෂ රට වෙනුවෙන් සහාය ලබා දෙනවාද නැද්ද යන්න ගැන මෙම විවාදයේදී දැක බලාගත හැකිවනු ඇතැයි කියන එක මෝඩකමක්". රට හොරා කාපු සහ රට බංකලොත් කරපු අය විසින් කවදාවත් රට ගොඩනගන්න බැහැ. තවද එහම ගොඩ දාපු ඉතිහාසයකුත් නැහැ. අනික රටේ ලාබ ලබන ආයතනවල් විකුණලා දාල කොහොමද රටේ ආර්ථිකය ගොඩනගන්නේ? රටට ආදායම් එන්න නම්, ලාබ ලබන ආයතනවල් රටේ සතුවවියයුතුයි. එහම නැතුව කොහොමද රටට ආදායම් එන්නේ?