(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව ලබන වසරේ අයවැය සකස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය.
ජනපති ට්‍රම්ප් මෙරට අපනයනයන් සඳහා පනවා ඇති තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් තිබෙන බව ද ඔහු පවසයි.
2026 වසරේ අයවැය සකස්වීමේදී රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු බවත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම් එයට ඇතුළත් විය යුතු බවත් ඔහු පැවසුවේය.
බදු නිදහස් කිරීම් ලබාදීම සඳහා වන නීති රාමුව, බදුවලට අනුකූලවන පිරිස ඉහළ දැමීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍යකරණය වැඩිදියුණු කිරීම පිළිබඳව ශක්තිමත් පියවරයන් ලබන වසරේ අයවැයට ඇතුළත් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම රාජ්‍ය වියදම් හිඟයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වන පියවර යන්ද අයවැයට ඇතුළත් වීම ඉතා වැදගත් බවද ඔහු පැවසුවේය.
රාජ්‍ය - පුද්ගලික හවුල්කාරීත්වය, රාජ්‍ය ව්‍යවසායන්, ප්‍රසම්පාදනය හා රාජ්‍ය වත්කම් කළමනාකරණය පිළිබඳව ඉදිරියේදී සකසන පනත් කෙටුම්පත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හා හොඳම භාවිතයන්ට අනුකූල විය යුතු බවද පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය .
මූල්‍ය අවදානම් අවම කිරීමටත්, බලශක්ති ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසරභාවයට සහායවීමටත් විදුලිය හා ජලය ඒකකයක් නිපදවීමට යන පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක වුවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටින් අපනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති ඉහළ තීරු බද්ද මෙරට ආර්ථික වර්ධනය පහළ වැටීමට ඇති අවදානම ඉහළ දමන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම මතුව ඇති ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ වර්තමාන භූ දේශපාලනයේ නිරන්තරයෙන් සිදුවන වෙනස් වීම්ද මෙරට ආර්ථික වර්ධනය පහළ වැටීමට තිබෙන අවදානම ඉහල දමන බවද ඔහු පැවසුවේය.
මෙම අවදානම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම මූල්‍ය අවකාශය නැවත ගොඩනගා ගැනීමේ සහ විදේශ සංචිත නැවත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන බවද ඔහු පැවසුවේය.
මෙතෙක් අමාරුවෙන් දිනා ගත් ආර්ථික ප්‍රගතිය ආරක්‍ෂා කර ගැනීමට සහ මෙරටට එල්ල වන අවදානම් වලට මුහුණ දීමට ඇති හැකියාව පුළුල් කරගැනීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඉඩ සලසා දෙනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අයි.එම්.එෆ් අයවැයට කොන්දේසි දමයි