
(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ හැට එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු ජනවාරි මස 26 වෙනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් එම්.ඒ.ඩි.එස්. සංජය ශ්‍රී විභූෂණ මහතා අද පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර දුන්නේය.
මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලැබුණේ නිට්ටඹුව පින්න ගොල්ලවත්ත අරලිය මාවත පළමු පටුමගේ පදිංචිකරුවකු වන සංජය රුවන් ප්‍රියදර්ශන නැමති අයෙකි.
අයිස් කිරෝ හැට එකක් සමඟ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමෙන් අනතුරුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කෙරිණු අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා මෙම අවසරය දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd