IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘අයිස්‘ ළඟ තබාගත් පොලීසියේ දෙන්නාගේ වැඩ තහනම්

(ගයාන් සූරියආරච්චි )

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ  තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොස්තාපල්වරුන්  දෙදෙනාගේ වැඩ තහනම් කරන බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ දූෂණ මර්දන විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කොම්පඤ්ඤ වීදියේ  කුමාරරත්නම් මාවත ප්‍රදේශයේ රට බීම හලක් අසල සැකකටයුතු ලෙස සිටි පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයෙකු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130 තිබී හමු වූ බව පොලිසිය පවසයි.

සැකකරුවන්  ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ලබන කොස්තාපල් වරුන් දෙදෙනෙකු බවට අනාවරණය වී බව පොලිසිය පවසයි.

අයිස් සමග අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා සමග සිටි අනෙක් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවද පොලිසිය පවසයි.

කොම්පඤ්ඤ වීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (1)

‘අයිස්‘ ළඟ තබාගත් පොලීසියේ දෙන්නාගේ වැඩ තහනම්

Perera Sunday, 19 May 2024 02:33 PM

දරුණු වද, හිංසා දුන්නු නම් දරාපු අපරාධකාර පොලිසියේ ලොක්කා යහතින් ඉන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site