IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයිස් මතින් බස් පැදවූ රියැදුරන්ට 81,000 ක් දඩ

(නිමන්ති රණසිංහ)

අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර බස්රථ ධාවනය කළ පෞද්ගලික බස්රථ රියැදුරන් දෙදෙනකුට රුපියල් 81,000ක දඩයක් සහ මාස හයක බරපතල වැඩ සහිත සිරදඩුවමක් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය.

කොළඹ නාගරික රථවාහන පොලීසිය මෙම චූදිතයන් දෙදෙනාට එරෙහිව නඩු දෙකක් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අතර ඔවුන්ට නගා තිබූ චෝදනාව වූයේ විෂ මත්ද්‍රව්‍ය භාවිත කර බස්රථ ධාවනය කිරීමය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ අංක එන් ඊ 7852 දරන පුද්ගලික බස් රථයේ රියැදුරු වූ හත්පිටිය, වතුරගම පදිංචි අතපත්ත-ු ලියනගේ සඳුන් සම්පත් සහ අංක එන් ඊ 1821 දරන පුද්ගලික බස් රථයේ රියැදුරු වූ හීනැටියන, මිනුවන්ගොඩ පදිංචි මල්ලවාරච්චිගේ නිශාන්ත ප්‍රදීප් මල්ලවාරච්චි නමැත්තන්ටය.

මෙම රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත් එම වාර්තාවට අනුව ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වූ බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී. ඒ අනුව එම චෝදනාවන්ට සැකකරුවන් දෙදෙනා වරද පිළිගත් අවස්ථාවේදී මෙම දඩුවම් නියම විණී.



අදහස් (3)

අයිස් මතින් බස් පැදවූ රියැදුරන්ට 81,000 ක් දඩ

චන්දන Tuesday, 06 June 2023 08:19 PM

ඉතා හොඳ වැඩක්... දිගටම වැටලීම් කරන්න..

:       0       2

පැරකුම් Wednesday, 07 June 2023 03:45 PM

බොහෝම කැමැත්තෙන් දඩය ගෙවලා නැවතත් ඒ වැරැද්දම කරාවි. වරදට දඬුවම ප්‍රමාණවත් නොවේ. දිවි ඇති තෙක් වාහන පැදවීම තහනම් කරන්න...

:       0       2

Bamunuarachchi Friday, 09 June 2023 01:40 PM

සීත කාලයට අපිත් මෙහෙ වාහන ගෙනියන්නේ අයිස් මතින් තමයි. මෙහෙ පොලිසිය අපිව අත්අඩංගුවට ගන්නේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site