
(එච්.චන්දන)
පුත්තලමේදී අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නියාමකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් සමග අද (23) අලුයම පුත්තලම නගරයේ දී පුත්තලම පොලිස් අධිකාරී කර්යාලයේ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නියාමකවරයා තවමත් පරිවාස කාලයේ ගත කරන ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කර නොමැති අයෙකු බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
තවද මෙම නිලධාරියා මීට පෙරද වැඩ තහනමකට ලක්ව සිටි අයකු බවත් , මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා සුරාබදු සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු යටතේ විශේෂ කණ්ඩායම් දෙකක් ද පත්කර තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සුරාබදු නිලධාරීන් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම කුමක් වුවත් උපරීම විනාය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයිස් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම්
de silva Thursday, 23 July 2020 09:14 AM
ලංකාවේ කෙරෙන මත්ද්‍රවය ජාවාරම වලින් 50% කරන්නේ සුරාබදු සහ පොලිස් නිලධාරීන්ගේ අනුදැනුම ඇතුව.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 July 2020 09:31 AM
වැඩ තහනම් කරලා විතරක් හරියන්නේ නැහැ. නාකොටික් ප්‍රශ්නය මෙන් මේ ප්‍රශ්නය දෙසද බලා තවත් නිලධාරීන්, නෑ හිතවතුන්, ගෙවල් වල අය, ඇතුළු තවත් අය මේ හා සම්බන්ධ දැයි බුද්ධි අංශ යොදවා ඉක්මනින්ම සොයා බලන්න. නැතහොත් ඊට සම්බන්ධ අය තොරතුරු වසන් කොට සැඟවීමට වෙරදරාවී.
sl Thursday, 23 July 2020 11:04 AM
කවුද දන්නේ නැහැ ජොබ් එක දුන්නු සුපින්වත් දේශපාලකතුමා...