IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයිස් එක්ක ‘හොරා-පොලිස්‘කළ කතුන් දෙන්නෙක් මාට්ටු

 (බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සංවිධානාත්මක අපරාධකරුවකු වන  කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ  බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සමග අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

දෙහිවල පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ලද බුද්ධි තොරතුරක් මත  මල්වත්ත පාර, දෙහිවල ලිපිනය පරීක්ෂා කිරීමේදී කාන්තාවන් දෙනෙකු සිට ඇතැයි පොලිසිය කියයි.

 එයින් එක  සැකකාරියක් හිටපු ප්‍රධාන පෙලේ පාතාල සාමාජිකයෙකු වන ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් " කොස්ගොඩ තාරක " යන අපරාධකරුගේ අනියම් බිරිද වන තල්ගස්හේන  ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 හැවිරිදි කාන්තාවක් බවට හඳුනාගත් බවත් සැකකාරියේ සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5300ක් සොයාගත් බවත් පොලිසිය කියයි.

එහි සිටි අනෙක් සැකකාරිය අනුරාධපුර, ගල්පිටිය, හබරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් වන  පොලිස්  සේවයෙන් ඉවත් කර ඇති හිටපු කොස්තාපල්වරියක් වන අතර එම සැකකාරිය සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 5200 ක් සොයාගත් බව  පොලිසිය ප්‍රකාශ කලේය.



අදහස් (0)

අයිස් එක්ක ‘හොරා-පොලිස්‘කළ කතුන් දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site