
(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සතියකට තිරෝද රථ දහයක් කොල්ල කන බව කියන සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු විසිදෙක සහ විසිහතර වයස්වල පසු වන නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය නවගමුව, කඩුවෙල බියගම, දොම්පේ යන ප්‍රදේශවල ත්‍රීරෝද රථ රියැදුරන් බියගන්වා තියුණු ආයුදවලින් පහරදී කොල්ලා කෑම සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මට්ටක්කුලිය පොලිස් වසමේ ත්‍රීවිල් රථ සොරකම් කරන බවට මට්ටක්කුලිය පොලිසියට පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ අංශයේ නිලධාරිහු ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 21 ක්, කොල්ල කන ලද තීරෝද රථ දහයක්, තී රෝද රථවල අමතර කොටස්, කොල්ල කෑ බව කියන අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන හයක්, පොලිස් භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයියා මලෝ කුඩු බොන්න සතියකට ත්‍රිරෝද 10ක් උස්සලා