IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අයියයි මල්ලී මාරුවෙයි:පිහි පහරින් අයියා මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හැඩරුවින් සමාන සහෝදරයන් දෙදෙනා මාරුවී සිදුවූ බහින් බස් වීමක් අතරතුර තියුණු ආයුධ  ප්‍රහාරයකට ලක් වූ 51 හැවිරදි පුද්ගලයකු මියගොස් ඇති අතර පහරදුන් බව කියන බස්වල සින්දු කියන්නකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි මංජුල වසන්ත පුෂ්පකුමාර (51) යන අයයි

මීට සතියකට පමණ ඉහත දී සැකකරු මියලගිය අයගේ බාල සහෝදරයාට කැසට් යන්ත්‍රයක් උකස්කර රුපියල් පන්සීයක් ලබාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එය බේරා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී එකම හැඩරුවින් යුත් අයියා පමණක් නිවසේ සිට ඇති අතර ඒ පිළිබඳව නොදැන සිටී සැකකරු සිය උකස් තබන ලද කැසට් යන්ත්‍රය යන්ත්‍රය ලබාදෙන ලෙස පවසා රුපියල් 500 එම පුද්ගලයා වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිසිය කියයි

එම අවස්ථාවේදී මරණකරු විසින් මොන කැසට් යන්ත්‍රය ද බං යයි පවසා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු හා මරණකරු අතර බහින් බස්වීම දුරදිග යාමෙන් අනතුරුව සැකකාර සින්දු කියන්නා සඟවාගෙන සිටි තියුණු ආයුදයෙන් මරණකරුගේ පිට ප්‍රදේශයට ඇණ පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

බරපතළ තුවාල ලද පුද්ගලයා ඒ මොහොතේම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට ඔහු මියගොස්බ සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

සැකකරු බස් රථයක සින්දු කියමින් සිට යාබද බස් රථයට ගොඩවීමට යාමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඒ වන විටත් සැකකරු ඔහු පිහියෙන් අනින ලද පුද්ගලයා කැසට් යන්ත්‍රය උකස් ලබාගත් පුද්ගලයා නොවන බවත් හෝ ඔහු මිය ගිය බවක් නොදැන සිටි බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

අයියයි මල්ලී මාරුවෙයි:පිහි පහරින් අයියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site