IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයියාගේ හයියෙන් උසස් පෙළ ජයගත් මල්ලී

නාවලපිටිය සිසිර ලලිත් කුමාර

කොඳු ඇට  පේළිය ඇද වීමේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන දරුවකු එක් දිනක් හෝ පාසල් නොගොස් උසස් පෙළ විභාගයෙන් සමත්වීමේ පුවතක් ගිනිගත්හේන පිටවල ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙලෙස අපොස උසස් පෙළ විභාගයෙන් එස්  සාමාර්ථ තුනක් ලබා  සමත්ව ඇත්තේ  ගිනිගත්හේන පිටවල පල්ලේවත්ත දාගම්පිටිය නීලවත්ත යන ලිපිනයේ පදිංචි එම්.කීර්ති චන්ද්‍රසිරි නම් දරුවාය.

කොඳු ඇට පේළියේ අසාමාන්‍ය වෙනස් වීමත්, මස් පිඬු දියවීමත් යන රෝගයෙන් පෙළෙන කීර්ති චන්ද්‍රසිරි ට  සාමාන්‍ය දරුවකුට සේ ඇවිද යාමට නොහැකිය.

 එපමණක් නොව සිය නිවෙස  පිහිටි දැඩි බෑවුමේ සිට ඔහුට මීටර් හාරසියකක පමණ දුරක් ඉහළට පඩිපෙළේ යාමට හෝ ඒමට බැරිය. ඒ වෙනකක් නිසා නොව ඔහුගේ අසනීපය නිසාමය. එහෙත් ඔහුට මහා ශක්තියක් වන්නේ වෙනකෙකු නොව ඔහුගේම අයියාය. චන්ද්‍රසිරි සාමාන්‍ය පෙළ විභාගයට ගියේ ද අයියාගේ කරමතින්‍ය. එහෙම ගොස් ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වන්නේ උසස් පෙළ විභාගය ද කෙසේ හෝ ලියන අටියෙන් ය. එහෙත් මෙහි ඇති පුදුමය වන්නේ ඔහුට උසස් පෙළ විභාගයට මුහුණ දීමට පාසල් යාමට නම් නොහැකිවී ඇත්තේ ඒ අහිංසක අම්මට තාත්තාට ඔහු වත්තන් කරගෙන පාසල් යාමට හෝ ඒමට නොහැකි හේතුව නිසාමය. චන්ද්‍රසිරි දරුවා එකදු දිනයක් හෝ පාසල් ගියේ නැත. එහෙත් ඔහු ඔහුට හැකි අයුරින් උසස් පෙළ විභාගයට ගෙදර සිට පාඩම් කළේය.

පාසලේ එකම දිනයක් හෝ ඉගෙන නොගත් චන්ද්‍රසිරි දරුවා සිය අත රැඳි පාසල් පොත් හා ගුරුවන්ගේ උපකාරයෙන් නිවෙසේ සිට පාඩම් කටයුතු කළේ උසස් පෙළ විභාගයට සිංහල, භූගෝල විද්‍යාව හා ජන සන්නිවේදනය යන විෂයයන් තෝරා ගත්තේ පැමිණි දුක් පැණි රසයි යන නියාම දහම තේරුම් කරගෙනය. අයියා ගේ කරමතින් ගොස් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් චන්ද්‍රසිරි මල්ලී යළි උසස් පෙළ විභාගයට ද සිය කර මතින් රැගෙන යන්නට  අයියා නොපැකිලව ඉදිරිපත් විය. එතැන් පටන් සිදු වූ විස්තර කීවේ චන්ද්‍රසිරි දරුවාගේ මව වන ගුණවතී මහත්මියයි.

මගේ දරුවා උසස් පෙළ විභාගයට කියලා එක දවසක්වත් ඉස්කෝලේ ගියේ නැහැ. ඒත් අයියාගේ කර මතින් ගෙදර ඉඳලා ප්‍රධාන මාර්ගයට ගිය මගේ  දරුවා පිටවල සිට ගිනිගත්හේන මධ්‍ය විද්‍යාලයට රැගෙන ගියේ ත්‍රිරෝද රථයකින්. ප්‍රධාන පාරේ ඉඳලා ගිනිගත්හේන පාසලට රුපියල් තුන්දහස් පන්සියයක් ගන්නවා. විභාගය තිබ්බ දවස් ටිකට රුපියල් තිස් හය දහසක් වියදම් වුණා. ඒ කොහොම වෙතත් මගේ දරුවා එක දවසක්වත් ඉස්කෝලේ නොගිහින් විභාගය සමත්වීම මුළු ලංකාවෙන්ම පළමු වැනියා  හා සමානයි මට. මොකද මගේ දරුවා සාමාන්‍ය දරුවෙක් නෙවෙයි. අසාමාන්‍ය ශරීරයක් සහිත රෝගී දරුවෙක්. අතපය හොඳට තියෙන දරුවන්ට මගේ පුතා හොඳ ආදර්ශයක් කියලා මම කියන්න කැමැතියි.



අදහස් (5)

අයියාගේ හයියෙන් උසස් පෙළ ජයගත් මල්ලී

පිටරටවැසියා Monday, 03 June 2024 11:04 AM

මේ මිහිපිට දෙවිකෙනෙක්වන් වෛද්‍යවරයෙක් පුළුවන්නම් මේ දරුවාව සාමාන්‍ය දරුවකුට සේ ඇවිද යාමට හැකි ලෙසට ප්‍රතිකාර කරත්වා !!!

:       1       9

samanMonday, 03 June 2024 03:37 PM

ගත්තු ගමන් දෙවියන්ව අල්ලගන්න එපා... මේක මාර කතාවක්නේ...!

:       0       2

පාඨකයෙක් Monday, 03 June 2024 11:45 AM

ඉතාමත් ප්‍රශංසනීයයි! කුමක් හෝ සුලු අඩුපාඩුවක් හුවා දක්වමින් ජීවිතය ජයගැනීමට මැලිකම් දක්වන සියලු අයට චන්ද්‍රසිරි ශිෂ්‍යයා ආදර්ශයකි. මොහුගේ රෝගාබාධවලට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටත්, අනාගත සිතුම්පැතුම් සපුරාගැනීමට පහසුකම් සලසාගැනීමටත් පරිත්‍යාගශීලීන්ට සහායවීමට කරුණාකර ගිණුම් අංකයක් පළ කරන්න.

:       1       17

Prabha Monday, 03 June 2024 11:56 AM

ඔන්න දිරිය දරුවෝ. කරුමේ කියන්නේ මේ වගේ ළමයි මාධ්‍යයට නොපෙනන එක

:       0       11

ගමේ එකාලා Monday, 03 June 2024 03:00 PM

හොරට ලියලා විභාග පාස් වෙච්චි දූශිත දේසපාලුවෝ ඉන්න රටේ මේ දරුවා කොයිතරම් වටිනවද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 507 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1056 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site