IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයෝමාට තර්ජනය කළ කරණවෑමියාට ඇප

(නිමන්ති රණසිංහ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියට තර්ජනාත්මක ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමට තැත්කළැයි අත්අඩංගුවට ගත් කරණවෑමියකු පොලිස් ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහැරුණේ ලක්සද සෙවන, සාලමුල්ල, කොළොන්නාව පදිංචි ගනේෂන් ජෙගන් නැමැති කරණවෑමියෙකි.

හිටපු ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගත් බව ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

තමන්ට වෙනත් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 4ක මුදලක් ලැබීමට ඇති අතර එය ලබාගැනීම සදහා දුරකතන අංකය අනුමාන කරමින් මෙම ඇමතුම ලබා ගත් බව සැකකරු අධිකරණය හමුවේ සදහන් කර ඇත.

සැකකරුගේ මෙම ප්‍රකාශයන් පරස්පර බැවින් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

නඩුව ලබන මස 06 වැසිදා තෙක් කල් තැබිණී.



අදහස් (8)

අයෝමාට තර්ජනය කළ කරණවෑමියාට ඇප

මැක්ස් Monday, 26 September 2022 06:12 PM

ටිකක් හොයලා බලන්න. ⁣අනිවාර්යයෙන් මේ උන්දැත් පහුගිය දවසේ ගෝල්ෆේස් එකේ ඉන්න ඇති අරගල බෝඩ් එකකුත් උස්සගෙන....!

:       28       32

නිහාල් Monday, 26 September 2022 11:47 PM

හරියට හරි... මහජන මුදලින් බිරිඳ සමග ලෝකේ වටේ හොරෙන් සවාරි ගිය කෙනෙක්...!

:       0       0

BamunuarachchiThursday, 29 September 2022 07:02 AM

ඉතින් බිරිඳ ලෝක සවාරි ගහනකන් ඔහේ ගෙදරට වෙලා හිටියාද? මට ඉන්ඩීසන්ට් ප්‍රපොසල් කියන සිනමා කෘතිය මතක් වුණා.

:       0       0

බද්රානි Monday, 26 September 2022 06:29 PM

කප්පම කෙසේ වෙතත්, තිර රචනයට නම්, මෙලහකටත් සෑහෙන ගාණක් වියදම් වෙලා ඇති. දැන් ඉතින් අපේ අයියලාට මාරම අනුකම්පාවක් ඇවිල්ලා ඡන්දෙටත් ඉදිරිපත් වෙන්න කියයිද දන්නේ නැහැ. ඒ වුණාට පව් අප්පා, කෝටි එකහමාරක් එදා ගෙදර අමතක වෙලා ගියා...!!

:       28       34

ක්ලොය්Monday, 26 September 2022 09:12 PM

කාන්තාවක් කවද්ද තවත් කාන්තාවකගේ හොඳක් දැක්කේ... නේද බද්රානි? මතක තියාගන්න බද්‍රානිගේ හිතේ පැසවමින් තියෙන වෛරය එච්චර හොඳ දෙයක් නෙවෙයි.

:       0       0

de silva Monday, 26 September 2022 08:25 PM

මොහු ගෝඨා හෝ භාර්යාව කරපු වැරැදි වැඩක් ගැන තොරතුරු දන්නවා ඇති.. එහෙම නැතිනම් කවුද ජනාධිපතිගේ භාර්යාවට කතා කරලා කප්පම් ඉල්ලන්නේ..? දුරකථන අංකය දන්නේ කොහොමද?

:       0       0

Kumara Monday, 26 September 2022 08:27 PM

රාජපක්ෂලා කරන්නෙම බොරුව වහන එක...

:       0       0

Bamunuarachchi Thursday, 29 September 2022 07:10 AM

දෙමළෙක් සිංහල නායකයෙකුගේ බිරිඳට තර්ජනය කළාම සතුටුවෙන කාලකණ්ණි සිංහලයින් ඉන්න බව පෙනෙනවා. දේශපාලනය බල්ලට දාන්න. මෙතැන සිද්ද වුනේ දෙමළ බාබරයෙක් සිංහල නායකයෙකුගේ බිරිඳට තර්ජනය කිරීමක්. ඒක සිංහල ජාතියටම කළා සමානයි කියා හිතෙන්නේ මට විතරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 347 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site