IMG-LOGO

අයිඩියල් සමාරම්භක දිනය නිමිත්තෙන් කිලෝවොට් 805ක දැවැන්ත සූර්යබල පද්ධතියක්

අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ ස්ථාපිත කරන ලද කිලෝවොට් 805ක දැවැන්ත සූර්යබල විදුලි පද්ධතිය ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය හා ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදෙන අද (05) ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියුතු ව්‍යාපාරයක් කිලෝවොට් 805ක අති දැවැන්ත සූර්යබල පද්ධතියක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගමේ දායකත්වයෙන් සහ අයිඩියල් ව්‍යාපාර සමූහය එක්ව ආරම්භ කරන ලද මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම 2019 වර්ෂයේදී කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මහින්ද්‍රා KUV 100 මෝටර් රථය දේශීය කොටස් ද එකතු කරමින් මෙරට මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කරන ලදී.

මේ වනවිට මහින්ද්‍රා KUV 100 මෝටර් රථය මෙරට පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින අතර ඉදිරියේදී මෙම කර්මාන්තශාලව මගින් දේශීය කොටස් එකතු කරමින් මහින්ද්‍රා ට්‍රක් රථ ද මෙරටදී එකලස් කිරීමට ද කටයුතු යොදා ඇත.

මීට අමතරව අයිඩියල් ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදෙන අද (05) ව්‍යාපාර සමූහයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වැලිපැන්නේ පිහිටි මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ දෙවන අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාහන වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවට ද නලීන් වෙල්ගම මහතා විසින් මුල්ගල තබන ලදී. ලබන දෙසැම්බර් මාසය වනවිට එම කර්මාන්තශාලාවේ වැඩ අවසන් කිරීමට නියමිත අතර එහි ද කිලෝවොට් 500ක දැවැන්ත සූර්යබල පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය.

අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් මෝටර්ස්, අයිඩියල් චොයිස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් ආයතනවල මීට ඉහතදී මෙම සූර්යබල පද්ධති ස්ථාපිත කර තිබේ.

අයිඩියල් මෝටර්ස් සහ අයිඩයල් ෆස්ට් චොයිස් පුත්තලම ප්‍රදර්ශනාගාරය හා වැඩපොළේ රු. මි. 6ක ආයෝජනයෙන් කිලෝවොට් 43ක්, නො. 150 රත්මලාන වැඩපොළේ රු. මි. 5ක ආයෝජනයෙන් කිලෝවොට් 40ක්, වැල්ලවත්ත ප්‍රධාන වාහන අංගනයේ රු. මි. 5ක ආයෝජනයෙන් කිලෝවොට් 33ක්, යක්කල අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් ප්‍රදර්ශනාගාරය සහ වැඩපොළේ රු. මි. 14ක ආයෝජනයෙන් කිලෝවොට් 102ක්, රත්මලාන අයිඩියල් චොයිස් සුඛෝපභෝගී වාහන වැඩපොළේ රු. මි. 55ක ආයෝජනයෙන් කිලෝවොට් 407ක්, වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ රු. මි. 90ක ආයෝජනයෙන් කිලෝවොට් 807ක්, නො. 60 රත්මලාන අයිඩියල් මෝටර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානය හා ප්‍රධාන ගබඩාවේ රු. මි. 25ක ආයෝජනයෙන් කිලෝවොට් 237ක්, රත්මලාන නො. 75 අයිඩියල් මෝටර්ස් මහින්ද්‍රා ප්‍රධාන වැඩපොළේ රු. මි. 15ක ආයෝජනයෙන් කිලෝවොට් 105ක් හා රත්මලාන අයිඩියල් හෝල්ඩිංග්ස්හි රු. මි. 45ක ආයෝජනයෙන් කිලෝවොට් 333ක සූර්යබල පද්ධති ස්ථාපිතකොට ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇත.

අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ග්‍රීන්ටෙක් සමාගම මගින් මෙම සියලුම සූර්යබල පද්ධති ස්ථාපිත කර ඇති අතර රුපියල් මිලියන 260කට අධික මුදලක් ඒ සඳහා ආයෝජනය කර තිබේ. මෙමගින් මෙගාවොට් 2කට අධික, දැවැන්ත සූර්ය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට ලැබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා මෙසේ පැවසීය.

මේ වනවිට සමස්ත ලෝකයම පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමුවෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව ද ඒ කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන අතර ජාතික වගකීමක් ලෙස සලකා අයිඩියල් ව්‍යාපාර සමූහය පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමුවීමට කටයුතු කරනවා. අපගේ දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර හා වැඩපොළවල් මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කෙරෙහි යොමුවී ඇති අතර එහි සන්ධිස්ථානයක් ලෙස වැලිපැන්නේ පිහිටි මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ ස්ථාපිත කිලෝවොට් 805කින් සමන්විත අතිදැවැන්ත සූර්යබල පද්ධතිය හැඳින්විය 



අදහස් (5)

අයිඩියල් සමාරම්භක දිනය නිමිත්තෙන් කිලෝවොට් 805ක දැවැන්ත සූර්යබල පද්ධතියක්

jayath Sunday, 05 September 2021 06:54 PM

"අයිඩියල් වැඩක් "

:       0       18

L.D.Susantha Chandrasiri Monday, 06 September 2021 06:36 AM

වසර ගණනාවක සිට අයිඩියල් මෝටර්ස් සමාගමේ ජයග්‍රහණ ගැන මම ආඩම්බර වෙමි. තෙරුවන් සරණයි.

:       0       12

SL Monday, 06 September 2021 12:00 PM

තව තව දියුණු වෙන්න ඕනේ ! ඉන්දීය ,චීන වාහන වල ඉන්ධන පලදායිතාව බලන්න ඕනේ. 1500CC ජපන් වාහනෙයි ඉන්දියන් ,චීන වාහනෙයි පලදායිතාව ඉතා වෙනස් . රජය විසින් මේවා නියාමනය කලයුතුයි. රටෙන් ඉන්ධන වලට පිට යන මුදල් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්.

:       0       13

Chamila Monday, 06 September 2021 05:17 PM

රටට ආඩම්බරයක්... මගේ සුබපැතුම්..! තෙරුවන් සරණයි...!

:       0       7

පැරකුම් Wednesday, 08 September 2021 01:53 PM

අපේ රටේ ව්‍යාපාරිකයින්ට රාජ්‍ය ආයතනවලට ඇයි මෙය ආදර්ශයට ගන්න බැරි?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 574 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1006 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site