IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයිඩියල් මෝටර්ස් වෙතින් ශ්‍රී ලංකා පොලිසියට mahindra අධිබලැති යතුරු පැදි දෙකක්

රුපියල් මිලියන 2.4 ක් පමණ වටිනා  mahindra mojo අධිබලැති යතුරු පැදි දෙකක් අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කරනු ලැබීය.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම මහතා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත මෙම යතුරු පැදි දෙක පොලිස් මූලස්ථානයේදී පසුගියදා පරිත්‍යාග කරනු ලැබීය.

300 cc ධාරිතාවයෙන් යුත් මෙම  mahindra mojo යතුරු පැදි දෙක ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ අවස්ථා සඳහා යොදා ගැනීමට නියමිත අතර ඊට අවශ්‍ය නවීකරණ කටයුතු අයිඩියල් වොයිස් විසින් සිදුකර තිබේ.

අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා පොලිසිය සමග ඉතා දීර්ඝ කාලයක සිට සහයෝගයෙන් කටයුතු කරන අතර එය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම යතුරු පැදි දෙක ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දෙන ලදී.

මේ පිළිබඳව අදහස් දැක්වූ අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම මහතා මෙසේ පැවැසීය.

අයිඩියල් මෝටර්ස් සහ ශ්‍රී ලංකා පොලිසිය ඉතා දීර්ඝ කාලයක සිට සහයෝගයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොලිසිය මහින්දා ස්කෝපියෝ ජීප් රථ සහ මහින්ද්‍රා කැබ් රථ විශාල සංඛ්‍යාවක් භාවිත කරනවා. මේ වන විට මහින්ද්‍රා අයිඩියල් වාහන ව්‍යාපාරයට ශ්‍රී ලංකා පොලිසිය සමග දශකයකට වඩා වැඩි ඍජු ඉතිහාසයක් තියෙනවා. ශ්‍රී ලංකා පොලිසියට ස්කෝපියෝ ජීප් රථ සහ කැබ් රථ විශාල සංඛ්‍යාවක් අප විසින් ලබා දී තිබෙනවා. එම වාහන සඳහා අයිඩියල් මෝටර්ස් අලෙවියෙන් පසු අති විශිෂ්ට සේවාවක් ලබා දෙනවා. ඒ සම්බන්ධය තහවුරු කරන අවස්ථාවක් ලෙස නවීන පන්නයේ  mahindra mojo යතුරුපැදි දෙකක් පොලිස්පතිතුමාට පරිත්‍යාග කරනු ලැබුවා. අප හා ශ්‍රී ලංකා පොලිසිය අතර තිබෙන සම්බන්ධය දීර්ඝ කාලීන බැඳීමට අපෙන් ලැබෙන තිළිණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන් Smart mobility නමැති නවීන සංකල්පයට අනුකූල යතුරුපැදි දෙකක් තමයි අයිඩියල් වොයිස් මගින් නවීකරණය කරලා ශ්‍රී ලංකා පොලිසිය වෙත ප්‍රදානය කළේ.

මීට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ භාවිතයෙන් ඉවත් කර තිබු තවත් යතුරුපැදි පවස් දෙකක් පමණ නවීකරණය කර යළි ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා දීමට අප කටයුතු කරමින් සිටිනවා.

ඡායාරූප

අයිඩියල් මෝටර්ස් වෙතින් ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කළ  mahindra mojo යතුරු පැදි දෙක පිළිබඳව අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම මහතා විසින් පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න මහතා දැනුවත් කරන අයුරු ඡායාරූපයේ දැක්වේ. එම අවස්ථාවට එක්වූ අයිඩියල් ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු ද ඡායාරූපයේ වෙති.



අදහස් (6)

අයිඩියල් මෝටර්ස් වෙතින් ශ්‍රී ලංකා පොලිසියට mahindra අධිබලැති යතුරු පැදි දෙකක්

SL Thursday, 07 October 2021 03:18 PM

වසරකට වාහන ආයනයනට කෝටි ,ප්‍රකෝටි ගණන් අපි වගේ දුප්පත් ( හිඟා කන ) රටකට පුළුවනි ද ? රජයට කෝටි ගණන් දීල ගන්න වාහන එකලස් කිරීම ලංකාවේ කරන්න බැරිද ? වාහන වයිවාරන විවිධ වර්ගයේ වාහන වෙනුවට ,රජයේ ආයතන වලට වාහන වර්ග (මොඩල්ස් ) 3-4ක් ,රටටත් වාහන ජාති (මොඩල්ස් ) 4-5ක් සීමා කිරීම හරහා .වාහන නිපදවන සමාගමක එකලස් කිරීමේ ශාකාවක් ලංකාවේ හදන්න පුළුවන් වේගා හදන වාහන ,රාජ්‍ය සේවයේ පර්මිට් ගන්න අයට අනිවාර්ය කිරීම කල හැකියි. හැබැයි මේවට ප්‍රතිපත්ති ගරුක පාලකයෝ ඉන්න ඕනේ .

:       1       19

NuwanTuesday, 12 October 2021 08:11 AM

තමන්ට කැමති වහනයක් ගන්න නිදහස තියෙන්න ඕන. මේක රජවරු පාලනය කරන රටක්ද.?

:       1       7

don perera Friday, 08 October 2021 11:18 PM

තවත් ඉන්දියානු කුණු ගොඩක්...

:       2       19

kapTuesday, 12 October 2021 05:54 PM

ඔය ඉන්දියන් කුනු ගොඩවල් කියපු වාහන වලින් තමයි මේ දවස්වල කෝවිඩ් ලෙඩ්ඩු, අනික් ලෙඩ්ඩු, ඇක්සිඩන්ට් තුවාලකාරයින් එහෙම ඉස්පිරිතාලවලට අදින්නේ.. දන්නවද නම.. සුවසැරිය...

:       3       8

don pereraWednesday, 13 October 2021 01:25 AM

වාහන වල කොලිටි සේෆ්ටි ස්ටෑන්ඩර්ඩ් ගැන ඉගෙන ගන්න

:       0       7

Janaka goonetilele Wednesday, 13 October 2021 11:41 AM

නලින් වෙල්ගම මහතාගෙන් ලද හොඳ ත්‍යාගයක්. ඔහු පොලිසියට උදව් කරන ඉතා ධනාත්මක පුද්ගලයෙකි. අයිඩියල් මෝටර්ස් විසින් හොඳ සේවාවක් ලබා දී ඇති හෙයින් පොලිසියට ඉන්දියානු වාහන ලබා ගත යුතුය.

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site