(අංජුල මහික වීරරත්න)
මිල්කෝ සමාගමට අයත් අඹෙිවෙල කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඉන්ධන වංචාවකට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර තිබෙි.
2021 වසරේ සිට මිල්කෝ ආයතනයේ ඩීසල් ලීටර් 45,000කට අධික ප්‍රමාණයක් පෞද්ගලික ඉන්ධනහල් වලට විකුණා ඇති බවට ලැබුණ තොරතුරකට අනුව මෙම සේවක පිරිස අනිවාර්ය නිවාඩු යැවූ බව මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා කෘෂිකර්ම වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
මෙම ඩීසල් වංචාව සම්බන්ධව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති අතර මෙම වංචාවට සම්බන්ධව බවට චෝදනා එල්ල වී ඇති සියලු සේවකයින් විමර්ශන අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගන්නා බව ද රේණුක පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත.
මෙම ඉන්ධන වංචාව මෙම වර්ෂයදීත් සිදු වී තිබෙිදැයි පුළුල් විමර්ශනයකින් සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා මිල්කෝ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අඹෙිවෙල මිල්කෝ කම්හලේ ඩීසල් හොරට විකුණලා