IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග

(රෝෂන් තුෂාර)

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල  හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ "අමුල්" වර්ගයේ ආනයනික සහල් කිලෝ 17,925ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිරීක්ෂණය මත විනාශ කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ  මහත්මිය අද (27) නියෝග කළාය.

සහල් තොගයේ කල්ඉකුත් වීමේ දිනය වසර දෙකක් ඉදිරියට දමා වෙනස් කළ කොළඹ 14, සහල් ආනයනික සමාගමකට හා  හිමිකරුට එරෙහිව පාරිභෝගි කටයුතු අධිකාරිය පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග ය නිකුත් කළ අතර සහල් ආනයනය කළ  ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කළේය.

විත්තිකරු අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩය නියම කෙරිණි .කොළඹ 14 විත්කරුගේ ගබඩාවේ තිබී  කිලෝ 25ක් බරැති  සහල් මිටි 717 ක් අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබූ බවද නිලධාරීන් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේත්‍රාත්වරිය  පාරිභෝගික නිලධාරීන් ඉදිරියේදි සතියක් ඇතුළත සහල් තොගය විනාශ කරන ලෙසට නියෝග කළ අතර විත්තිකරුට රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කළාය .



අදහස් (3)

’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග

hasith Wednesday, 27 November 2024 06:32 PM

අහුවුණොත් රුපියල් ලක්ෂයයි. අහුවුණේ නැතිනම් ලාභය ලක්ෂ 5යි. කන මිනිස්සුන්ට පිළිකා, බඩේ අමාරුව හැදුණාම කවුද වග කියන්නේ. පුදුම නීතියක්... ඒකනේ ජාවාරම්කාරයෝ කිසිම බයක් නැතිව ජරාව මිනිස්සුන්ට කවන්නේ...!

:       0       38

රුවන් Wednesday, 27 November 2024 07:08 PM

මේ වගේ අයට මරණ දඬුවම දෙන්න ඕනේ...!

:       0       30

තාරක Thursday, 28 November 2024 09:42 AM

ජාවාරම් කාරයන්ට ඇල්ලුවත් ලාබයි අතහැරියත් ලාබයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site